hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 21, ප.ව. 3:16



මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුල් ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බව වර්තා වනවා.

මේ පිළිබඳව සාකච්ඡා වී තිබුණේ, කම්කරු දෙපාර්තමේන්තුවේ 2021 සහ 2022 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය විමර්ශනය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි.

කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා යෝජකයන් ලියාපදිංචි වීමෙන් පසු අදාළ අර්ථසාධක අරමුදල් මහ බැංකුවට ගෙවීම් සිදු කරන බවත් මහ බැංකුවෙන් සෑම මාස 6කට වරක් ගෙවීම් පිළිබඳව දත්ත කම්කරු දෙපාර්තමේන්තුවට ලබාදෙන බවත් නිලධාරීන් පෙන්වාදී ඇත.

මෙහිදී මාස 06කට වරක් දත්ත ලබාගැනීම වෙනුවට මේ සම්බන්ධයෙන් නිරන්තර යාවත්කාලීන විය හැකි පද්ධතියක් කම්කරු දෙපාර්තමේන්තුව සතුවිය යුතු බවයි, කාරක සභාව පෙන්වාදී ඇත්තේ .

ජනතාවගේ ආරක්ෂාව සඳහා එය අත්‍යවශ්‍ය බවත් කාරක සභාව විසින් අවධාරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහ බැංකුව සහ කම්කරු කාර්යාලය ඒකාබද්ධ රැස්වීමක් කඩිනමින් පැවැත්වීමට ද උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: