2023 ජූලි 14, ප.ව. 12:20
හෙට සිට බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1000කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඒ අනුව එම පොහොර මිටියක නව මිල රුපියල් 14,000ක් වෙනවා.
අද පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මෙම කන්නය ආරම්භ වන විට රුපියල් 22,000 ඉක්මවා පැවති බණ්ඩි පොහොර මිල රජය විසින් රුපියල් 19,500ට අඩු කරනු ලැබුවා.
එමෙන්ම යල කන්නය ආරම්භයේදීම එම පොහොර මිල තවත් රුපියල් 4500කින් අඩු කිරීමට රජය පියවර ගත්තා.
ඒ අනුව මේ වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් රුපියල් 15,000ක් බැගින් අලෙවි කරන එම පොහොර මිල හෙට සිට රුපියල් 14,000 දක්වා අඩු වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළා.
2025 අගෝස්‍තු 02, ප.ව. 5:04
2025 අගෝස්‍තු 01, ප.ව. 7:14
2025 අගෝස්‍තු 01, ප.ව. 1:48
2025 අගෝස්‍තු 01, ප.ව. 1:42
2025 ජූලි 31, ප.ව. 4:42