2022 අගෝස්‍තු 10, පෙ.ව. 10:45
මාළු මිල මේ දිනවල විශාල වශයෙන් වැඩි වී ඇති බව පාරිභෝගිකයින් පවසයි.
රුපියල් 300 මිලකට තිබූ සාලයා මාළු කිලෝවක් රුපියල් 1000 හා 1500 දක්වා වැඩි වී ඇති බවද පාරිභෝගිකයින් පෙන්වා දෙනවා.
ගාල්ල ධීවර වරාය තුල රුපියල් 300ට 350ට තිබු ලින්නා කිලෝවක තොග මිල රුපියල් 1100 දක්වා වැඩි වි ඇති අතර බලයා කෙලවල්ලා ඇතුළු සෑම මාළු කිලෝවක මිල රුපියල් 1200 ,1500 අතරේ මිල ගණන්වල පවතින බව වෙළදපොල සමික්ෂණයේ දි අනාවරණය වුණා.
වාරකන් නිසා පසුගිය සති කිහිපය තුල ධිවරයින් වැඩි පිරිසකට මුහුදු රක්ෂාවේ යාමට නොහැකිවීම නිසා මත්ස්‍ය අස්වැන්න විශාල වශයෙන් අඩු වීම නිසා මසුන්ගේ මිල වැඩි වී ඇති බව ධිවර කාර්මිකයින් පවසනවා.