2023 ජනවාරි 02, පෙ.ව. 6:48
මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරි ලෙස ක්ලයිව් ෆොන්සේකා මහතා පත් කර තිබෙනවා.
භාණ්ඩාගාර මෙහෙයුම් පිළිබඳ විශේෂඥ දැනුමකින් හෙබි ෆොන්සේකා මහතා දේශීය සහ ජාත්‍යාන්තර බැංකුවල වසර 30කට වැඩි පළපුරුද්දක් සහිත ප්‍රවීන බැංකුකරුවෙක්.
ඔහු කලක් ස්ටෑන්ඩ්ර්ඩ් චාටඩ් බැංකුවේ සහ ඇමෙරිකන් එක්ස්ප්‍රස් බැංකුවේ සේවය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව ෆොන්සේකා මහතා අවස්ථා කීපයකදීම බැංකු හා මූල්‍ය සේවා කර්මාන්තය ඉහළ නැංවීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද ප්‍රධාන කමිටු කීපයක සාමාජිකයකු ලෙස පත් කර තිබුණා.
2026 පෙබරවාරි 27, ප.ව. 1:52
2026 පෙබරවාරි 27, පෙ.ව. 11:26
2026 පෙබරවාරි 26, පෙ.ව. 11:40
2026 පෙබරවාරි 25, ප.ව. 2:52
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:11