hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූනි 18, ප.ව. 1:37



තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ප්‍රකාශ කරමින් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට අනුව පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රීයේ සිට තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ගැසට් කර තිබෙනවා.

වෙළෙඳපොළ තුළ තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බව සඳහන්.

මේ වන විට තිරිඟු පිටි ආනයනය කිරිම සඳහා බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර තිබු පෙට්‍රෝලියම් ගෑස් එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.