hit counter

2024 දෙසැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2023 මැයි 12, ප.ව. 4:05



සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) මෝටර් රථ රක්ෂණ හවුල්කාරීත්වය තව දුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබෙනවා.

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ටිෂාන් සුභසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය දර්ශන සිරිසේන මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් කරන ලදී.

“ලංකාවේ ඉතා කීර්තිමත් සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ ලංකාවේ කීර්තිමත් වෘත්තීය සංගමයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹුනු මෙම අවබෝධතා ගිවිසුමත් සමඟ අපගේ සංගමයේ සාමාජිකයන්ට ප්‍රතිලාභ රැසක් අත් වෙනවා. මෙය අප දෙපාර්ශ්වයටම වැදගත් අවස්ථාවක්.” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති දර්ශන සිරිසේන මහතා පැවසුවා.