hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 17, ප.ව. 5:13



මෙරට රත්තරන් වෙළෙඳපොලේ මිලේ ඉහළ යෑමක් ඇති බව කොළඹ හෙට්ටිවීදියේ රත්තරන් ව්‍යාපාරිකයන් පවසනවා.

මීට දින කිහිපයකට පෙර රුපියල් 156,000 ක පැවැති කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 167,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම ව්‍යාපාරිකයන් පෙන්වා දෙනවා.

රුපියල් 172,000 ක්ව පැවති කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 182,000 ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව ඔවුන් කියා සිටියා.