hit counter

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2023 මාර්තු 02, පෙ.ව. 2:53



රාජ්‍ය අංශයේ ආයතනවල බැංකු ගිණුම් පෞද්ගලික අංශයේ බැංකුවලද විවෘත කිරීම සඳහා අවසර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මුදල් අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ මෙම ගිනුම් විවෘත කිරීමට රාජ්‍ය අංශයට හැකිවන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

රාජ්‍ය බැංකු වෘත්තීය ක්‍රියා මාර්ග හේතුවෙන් වසා තැබීමෙන් ආර්ථිකයට සිදුවිය හැකි අගතිදායි තත්ත්වය සැලකිල්ලට ගෙන කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගත් බව ද ඔහු සඳහන් කළා.

රාජ්‍ය බැංකු වසා තැබීමෙන් ඛනිජ තෙල් සංස්ථාවට, ගෑස් සමාගම, සෞඛ්‍ය අමාත්‍යංශය ආදි අමාත්‍යංශවලට සිය මිලදී ගැනීම් සඳහා ණයවර ලිපි විවෘත කිරීමට පවා අවස්ථාව නොලැබෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.