hit counter

2025 මැයි මස 06 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 02, පෙ.ව. 11:21



කැබිනට් තීරණයකට අනුව සියලු රාජ්‍ය ආයතනවල වියදම් සියයට 6කින් කප්පාදු කළ යුතු බවට චක්‍රලේඛයක් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට, සංස්ථා සභාපතිවරුන්, පළාත් පාලන ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල ප්‍රධානීන් වෙතයි මෙම චක්‍රලේඛනය නිකුත් කර ඇත්තේ.

මේ වසර සඳහා ඇස්තමේන්තුගත රජයේ දල ආදායම රැස් කිරීම සම්බන්ධයෙන් උද්ගතවී ඇති දැඩි දුෂ්කරතා හේතුවෙන්, ඇතිවිය හැකි අහිතකර ප්‍රතිවිපාක අවම කිරීම සඳහා රාජ්‍ය වියදම් වඩාත් අරපිරිමැසුම්දායී ලෙස භාවිත කිරීම සහ අනවශ්‍ය වියදම් හැකිතාක් අවම කිරීම මෙහි අරමුණයි.

ඒ අනුව අයවැය මගින් වෙන්කර ඇති පුනරාවර්තන වියදම් සියයට 6කින් කපා හැරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනුම් දී තිබෙනවා.

වියදම් අවම කිරීම සඳහා හදුනාගත් ක්‍රමවේද අඩංගු සංශෝධිත වියදම් ඇස්තමේන්තු ද මේ මස 28 වනදාට පෙර ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස ද මෙම චක්‍රලේඛනය මගින් දැනුම් දී තිබෙනවා.