2023 දෙසැම්‍බර් 18, ප.ව. 4:30
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය ගුවන් යානා සදහා “හරිත බුමුතුරුණු” (Green Carpet )අද (18) සිට හදුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
මෙම බුමුතුරුණු භාවිතයෙන් ගුවන් යානා වල පියාසර බර සහ ඉන්ධන පරිභෝජනය අඩු වන අතර එමගින් වාර්ෂිකව රුපියල් මිලියන 21 (දෙකෝටි දශ ලක්ෂයක්) ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත ඉතිරි කර දීමට සමත් වන බවට ගනනය කර තිබෙනවා.
ඊට අමතරව කාබන් විමෝචනය අවම කර ගැනීම මගින් වාර්ෂික පාරිසරික බලපෑම ටොන් 248.79 කින් අඩු කර ගැනීමට ද දායක වී තිබෙනවා.
මෙම හරිත බුමුතුරුණු සැහැල්ලු බරින් යුක්ත වන අතර ඒවා භාවිතයෙන් ඉවත ලන ධීවර දැල් , ප්ලාස්ටික් සහ රෙදි කැබළි ප්‍රතිචක්‍රිකරණය කිරීමෙන් සකසන විශේෂිත නයිලෝන් වර්ගයකින් ඉන්ධන සහ ජලය අවම වශයෙන් භාවිතා කර නිපදවන අතර , ඒවා ස්විට්සර්ලන්තයේ ” ලැන්ටල් ටෙක්ස්ටයිල් ” ( Lantal Textiles ) ආයතනයේ නිෂ්පාදනය කෙරේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය මේ මගින් ගෝලීය පරිසරය සුරැකීම සදහා ගෙන ඇති තවත් සාධනීය පියවරක් වන අතර මෙම ගුවන් සේවය 2009 වසරේ මෙවැනි වැඩසටහනක් මගින් (Planet Friendly Flights ) ආසියාවේ ප්‍රථම ගුවන් සේවය බවට පත් වී තිබෙනවා.
එසේම 2016 වසරේ දී ආසියා – පැසිෆික් කළාපයේ දෙවන අඩුම කාබන් විමෝචනය කරන ගුවන් සේවය ලෙස සංචාරක ව්‍යාපාරික සගරාවක් වන ( Business Traveller ) මගින් තෝරා ගෙන තිබෙනවා.
එසේම 2022 වසරේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් හදුන්වා දුන් ” මතක” වැඩසටහන ලෝකයේ හොදම ගුවන් සේවා පරිසර හිතකාමී වැඩසටහන ලෙස ජාත්‍යන්තර සම්මාන උළෙලකදී ( Sheikh Mohammed Bin Rashid Al Mactoum Global Aviation ) නම් කර ඇගැයීමකට ලක් කර තිබුණා.
2025 මාර්තු 28, ප.ව. 12:31
2025 මාර්තු 23, පෙ.ව. 6:36
2025 මාර්තු 20, ප.ව. 2:30
2025 මාර්තු 19, ප.ව. 2:31
2025 මාර්තු 18, ප.ව. 3:23