hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2023 දෙසැම්‍බර් 17, ප.ව. 5:13



 සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සදහා වූ වැඩසටහන් කීපයක් පසුගිය දා රුහුණු සංචාරක කාර්යාංශයේ මූලිකත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

මෙහිදි ‘හික්කා ෆෙස්ට් 2023 (Hikka Fest 2023) සැණකෙළියට කාගේත් අවධානය යොමුවිය.

දෙසැම්බර් 16 සහ 17 දිනවල හික්කඩුව ,නාරිගම වෙරළේ දී මෙම සැණකෙළිය පැවැත්විණ.

මෙහිදී සංස්කෘතික සංදර්ශන, විනෝද ක්‍රීඩා , ගිණිකෙළි සංදර්ශන ,සංගීත ප්‍රසංග ආදී බොහෝ ආකර්ෂණීය අංග සංවිධානය කර තිබුණි.

මෙහිදී  විදේශීය කාන්තාවන් පමණක් සහභාගි වූ විදේශීය රූමතිය තේරීමේ තරගය කාගේත් සිත්ගත් අංගයක් විය.

රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති චන්න සාලිය මෙන්ඩිස් , අධ්‍යක්ෂ ජනරාල් හේමන් ධර්මප්‍රිය ඇතුලු නිළධාරීන් පිරිසක් ද මේ අවස්ථාව සදහා සහභාගි වී සිටියහ.