2024 අගෝස්‍තු 02, ප.ව. 1:27
HSBC Sri Lanka බැංකුව විසින් අද දින පැවති හඳුන්වාදිමේ උත්සවයකදී සිය නවතම Live + ක්‍රෙඩිට් කාඩ්පත ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත හඳුන්වාදීම සිදු කෙරුණු අතර එය විශේෂයෙන්ම ජාත්‍යන්තර සංචාරයන්හි නියැලෙන, ජීවනවිලාසිතා අත්දැකීම් ප්‍රිය කරන පාරිභෝගිකයින් වෙනුවෙන්ම නිර්මාණය වූ ක්‍රෙඩිට් කාඩ්පතකි. මෙම කාණ්ඩයේ පාරිභෝගිකයින් හට සරිලන ආකාරයේ ප්‍රතිලාභ රැසක් Live + ක්‍රෙඩිට් කාඩ්පත හරහා ලබා දීමට HSBC Sri Lanka බැංකුව විසින් කටයුතු කර ඇති අතර ඒ වෙනුවෙන් HSBC බැංකුව දරා ඇති පරිශ්‍රමය නව්‍යකරණ විසඳුම් හරහා පාරිභෝගිකයින් හට හොඳම අත්දැකීම් තිළිණ කිරීමට ඔවුන්ගේ ඇති කැපවීම මනාව සනාථ කරන්නකි.
HSBC Sri Lanka බැංකුව විසින් VISA සමාගම සමඟ එක්ව Live + ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වා දී ඇති අතර Live + ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් හට Live + Dining වැඩසටහන යටතේ ආසියාව පුරා ජනප්‍රිය අවන්හල් ගණනාවකින් 15% ක් දක්වා වට්ටම් ඇතුළු සුවිශේෂී දීමනාවන් ලබාගත හැකි අතර භෝජන, සාප්පු සවාරි සහ විනෝදාස්වාද යන කාණ්ඩ තුනට අයත් වන ගනුදෙනු සඳහා 10% ක් දක්වා cashback වාසි ලබා ගැනීමටද හැකියාව ලැබේ.
අවන්හල් සඳහා වන විශේෂ වට්ටම්: අපේ Live + Dining වැඩසටහන යටතේ වසර පුරාවටම ආසියාව පුරා විසිරුණු ජනප්‍රියතම අවන්හල් ගණනාවකින් අති ප්‍රණීතම ආහාර පාන සඳහා 15% ක් දක්වා සුවිශේෂී වට්ටම් ඔබට ලබාගත හැකියි. ඒ වගේම අවන්හල් වියදමින් 10% ක් දක්වා cashback දීමනා වශයෙන් ආපසු ඔබට ලබා ගත හැකියි.
සාප්පු සවාරි: වෙළඳසැල්, දැවැන්ත සාප්පු සංකීර්ණ හෝ අන්තර්ජාලය හරහා හෝ ඔබ සිදු කරන සියළුම මිලදී ගැනීම් සඳහා 10% ක් දක්වා cashback දීමනා ලබා ගැනීමට ඔබට හැකියි.
විනෝදාස්වාද ක්‍රියාකාරකම්: සිනමාහල් හෝ Netflix, Disney වැනි ස්ට්‍රීමින් සේවාවන් සඳහා ඔබ කරන ගෙවීම්වලින් 10% ක් දක්වා cashback දීමනා ලබා ගැනීමට ඔබට හැකියි.
ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ගේ වියදම් හා සම්බන්ධ දත්ත විශ්ලේෂණය හරහා පෙන්නුම් කෙරුණු කරුණක් වන්නේ ආසියානු කාඩ්පත් හිමියන් විශේෂයෙන්ම ආහාර වෙනුවෙන් වැඩි වශයෙන් වියදම් කරන බවයි. වෙළඳපොල 8 කින් 7 කම වැඩිම වියදම් කාණ්ඩ තුන අතරට අවන්හල් සහ ආහාර සම්බන්ධ වියදම් අයත් වුණූ අතර සිය Live+ ක්‍රෙඩිට් කාඩ්පත හරහා මෙම කාණ්ඩයන්ට අයත් වියදම් ඉලක්ක කර වට්ටම් සහ cashback දීමනා ලබා දීමේ වැදගත්කම ඒ අනුව පැහැදිලිව පෙනී යයි. ආසියාව පුරා රටවල් ගණනාවක නැගී එන මධ්‍යම පංතියේ පාරිභෝගිකයින් සහ ජාත්‍යන්තර සංචාරයේ නියැලෙන, ජීවන විලාසිතාව වෙනුවෙන් වියදම් කිරීමට නැඹුරුවක් දක්වන ජීවන පාරිභෝගිකයින් අතර ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය ප්‍රවර්ධනය කරමින්, එම නව වෙළඳපොළ දිනා ගැනීමට සැළසුම් කරන HSBC බැංකුව, ශ්‍රී ලංකාවට අමතරව තවත් දකුණු ආසියානු රටවල් 6 කට HSBC ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වා දීම විශේෂත්වයකි.
HSBC බැංකුවේ පාරිභෝගික බැංකුකරණ ප්‍රධාන විධායක නිලධාරී ටයිලන් ටුරාන් මහතා පැවසුවේ “අප සතු ජාත්‍යන්තර අත්දැකීම් සහ දැනුම යොදා ගෙන දේශීය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන්ට හරියටම ගැලපෙන සේවාවන් හඳුන්වා දීමට අපට සුවිශේෂී හැකියාවක් තිබෙනවා. අපේ නව Live+ ක්‍රෙඩිට් කාඩ්පත ඊට හොඳම උදාහරණයක්. ආසියානු කලාපය තුළ නව ජීවන විලාසිතාවන් වෙනුවෙන් වියදම් කිරීමට නැඹුරුවක් දක්වන පාරිභෝගිකයින් පිරිස් ඇතුළත් වන නව මධ්‍යම පංතියක් වර්ධනය වෙමින් තිබෙන අතර ඔවුන් නව ජීවන රටාවන් අත්විඳීමට යොමු වන ප්‍රවණතාවයත් වර්ධනය වෙමින් පවතිනවා. Live+ ක්‍රෙඩිට් කාඩ්පත ඔවුන් වෙනුවෙන්ම හඳුන්වා දෙන නිෂ්පාදනයක්. අපි විශාල අවධානයක් යොමු කරන ශ්‍රී ලංකා වෙළඳපොළට Live+ ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වා දීමට හැකි වීම අපට විශාල සතුටක් බව විශේෂයෙන්ම පැවසිය යුතුයි.”
HSBC Sri Lanka බැංකුවේ වත්කම් සහ පෞද්ගලික බැංකුකරණ අංශ ප්‍රධානී ජේම්ස් රීබර්ට් මහතා පැවසුවේ “HSBC බැංකුව පළමු වරට cashback ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දුන්නේ 2018 වසරේදීයි. cashback විප්ලවය එතැන් සිට අවන්හල්, සාප්පු සවාරි, විනෝදාස්වාදය වැනි ජීවන විලාසිතා තෝරා ගැනීම් දක්වා ව්‍යාප්ත කරමින් නව Live+ ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වා දීමට හැකි වීම අපට විශාල සතුටක්. ඒ වගේම අපේ නව Live+ කාඩ්පත දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් බහුවිධ අවශ්‍යතාවයන් ඉටු කරන, බහුවිධ වාසි ලබා දෙන ක්‍රෙඩිට් කාඩ්පතක්.”
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා VISA සමාගමේ දේශීය කළමනාකාරණිය වන අවන්ති කොළඹගේ මහත්මිය මෙසේ පැවසුවාය. “HSBC බැංකුව සමඟ එක්ව විප්ලවීය Live+ ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වාදීමට ලැබීම අපට විශාල සතුටක්. මේ නව කාඩ්පත හරහා ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට ලැබෙන ජාත්‍යන්තර තලයේ ප්‍රතිලාභ, ඔවුන්ට සැබැවින්ම අලුත් ජීවන රටාවක පහසුව සහ චමත්කාරය අත්දැකීමට ලැබෙන අවස්ථාවක්. VISA සමාගම වශයෙන් අපි පාරිභෝගිකයින් හට ආරක්ෂිතව සහ පහසුවෙන් ගෙවීම් සිදු කිරීමේ හැකියාව ලබා දෙන අතරම ඔවුන් වැඩි වශයෙන් සිදු කරන වියදම් සඳහා හොඳම වට්ටම් දීමනා සහ වාසි ලබා දීමටද අපට හැකි වී තිබෙනවා.”