hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 අගෝස්‍තු 22, ප.ව. 4:44



ලෝක තරුණ දිනයට සමගාමීව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ජාතික තරුණ සේවා සභාව(NYSC) එක්ව “ඩිජිටල් ආර්ථිකයක් තුළින්  වත්මන් අභියෝගවලට මුහුණ දෙන්නේ කෙසේද” යන මැයෙන් සැසියක්  මහරගම තරුණ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

සැසිවාරයෙන් අනතුරුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, ඉන්ධන හා බලශක්ති අමත්‍යංශය සමග එක්ව හදුන්වාදුන්  ජාතික ඉන්ධන අවසරපත්‍ර QR කේතය ජනතාව අතර ප්‍රචලිත කිරීමට සහයවූ තරුණසේවා නිධාරීන් ඇගයුමට ලක්කරන ලදී.

ICTA  ආයතනයෙහි මගපෙන්වීම සහ පුහුණුව යටතේ මෙම QR කේතය හදුන්වාදීම සදහා තරුණ තරුණියන් 5000 කට වැඩි පිරිසක්  ක්‍රියාකාරීව සම්බන්ධව සිටිති.

මෙම ඇගයුම් අවස්ථාවට යෞවන හා ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෛ‍ද්‍ය අමල් හර්ෂ ද සිල්වා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ජයන්ත ද සිල්වා, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකා නියෝජිත කුන්ලේ අඩෙනියි, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් රවීන්ද්‍ර සමරවික්‍රම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති උවයිස් මොහොමඩ්  සහ යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් වඩුගේ යන අය මෙම අවස්ථාවට සහභාගී වුහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: