2023 මාර්තු 04, ප.ව. 11:54
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියානු රුපියල් මුදල් ඒකකයෙන් සාර්ථක වෙළඳ ගණුදෙනුවක් සිදු වූ බව ඉන්දීය රාජ්‍ය බැංකුවේ ශ්‍රී ලංකා ප්‍රධානි රවින්ද්‍ර කුමාර් ජා මහතා ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ ආනයනකරුවන් ශ්‍රී ලංකා රුපියල් මුදල් ඒකකයෙන් ආනයනය සඳහා මුදල් ගෙවූ බවත් එම මුදල් සාර්ථකව ඉන්දියානු රුපියල් මුදල් ඒකකයට හුවමාරු වී ඉන්දීය අපනයනකරුවන්ට ලැබුණු බවත් කුමාර් ජා මහතා පැවැසුවා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ කටයුතු සඳහා ඉන්දියානු රුපියල යොදා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති වැඩසටහනක දී ඒ බව සඳහන් කළා.
ආනයන සීමා කිහිපයක් ලිහිල් කිරීමට රජය කටයුතු කළත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වන තෙක් සියලුම සීමා ලිහිල් කිරීමට හැකියාවක් නොමැති බව මුදල් රාජ්‍ය මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.
ආනයන සීමා පැනවීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් ශ්‍රී ලංකාව සතුව ප්‍රමාණවත් විදෙස් සංචිත නොමැති වීම හේතුවෙන් ආනයන සීමා පැනවීමට කටයුතු කළ බවත් සේමසිංහ මහතා පෙන්වා දුන්නා.
ආර්ථිකය ස්ථාවර වූ පසු සහ විදෙස් සංචිත ප්‍රමාණවත් පරිදි ඉහළ ගිය පසු ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව සේමසිංහ මහතා ප්‍රකාශ කළා.
2026 පෙබරවාරි 06, ප.ව. 1:58
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41