hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 ජූනි 21, ප.ව. 7:39



ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාව අනුව මැයි මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙරට උද්ධමනය සියයට 45යි දශම 3ක් ලෙස සටහන් වුණා.

ආහාර කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ දී සියයට 58 දක්වා ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයක්.

ප්‍රවාහන කාණ්ඩයේ එම අගය සියයට 76.7ක්.

අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 33යි දශම අටයි බින්දුවක් ලෙස සටහන් වුණා.

පසුගිය වසරේ මැයි මාසයේ මෙරට උද්ධමනය සටහන් වී ඇත්තේ, සියයට 6.1ක් ලෙස යි.