hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 01, ප.ව. 3:02



පසුගිය සතිය තුළ දී බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate – AWPR) 10.69% ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම අනුපාතිකය ඊට පෙර සතිය තුළ දී 11.04% ක් වශයෙන් වාර්තා වී තිබුණි.

මේ අතර ඉදිරි කාලයේ දී වෙලෙඳපොළ පොලී අනුපාතික සාමාන්‍යකරණය වීම වේගවත් කරමින් මූල්‍ය ආයතන විසින් වෙළෙඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන්ම ණය පොලී අනුපාතික වෙත ලිහිල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කඩිනමින් හා පූර්ණ ලෙස සම්ප්‍රේෂණය කිරීමේ අවශ්‍යතාව පසුගිය දා රැස් වූ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධාරණය කළේය.

මේ අනුව පසුගිය සතිය තුළ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් 11% මට්ටමෙන් පහළට පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මේ පිළිබඳව නිකුත් කළ සටහනකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: