2022 ජූලි 26, පෙ.ව. 1:51
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැඩි පිරිසක් විශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ කෘෂිකර්මාන්ත ක්ෂේත්රයේ රැකියා සඳහා යොමු කිරීමට අවස්ථාව ලැබී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
විශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ ජපානය මෙතෙක් ශ්‍රී ලංකාව වෙත ලබා දුන් සාත්තු සේවා හා ආහාර පාන සේවා ක්ෂේත්රයේ රැකියාවලට අමතරව කෘෂිකර්ම ක්ෂේත්රයේ රැකියා අවස්ථාවන් ලබාදීමට ජපන් රජයේ එකඟත්වය පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
කෘෂිකර්මාන්ත ක්ෂේත්රයේ රැකියා සඳහා ජපන් භාෂා ප්රවීණතාවයට අමතරව වෘත්තීය සුදුසුකම්ද අවශ්‍ය වන අතර වයස අවුරුදු 17ට වැඩි සුදුසුකම් ලත් අයට මේ සඳහා අයදුම් කළ හැකි බව එම කාර්යාංශය සඳහන් කළා.
කුසලතා පරීක්ෂණයට අදාළ විභාග 2022 ජූලි මස 29 හා 31, අගෝස්තු 2, 3, 5, 7-10, 19, 21, 23-26 හා 28, සැප්තැම්බර් 1, 2, 4, 6, 7, 9 හා 11, ඔක්තෝම්බර් 11-13,16,18-20 හා 23 සහ නොවැම්බර් මස 8-10, 13, 15 හා 16 යන දිනවලදී පරිගණක ආශ්රයෙන් පැවැත්වෙනවා.
පරිගණක ආශ්රයෙන් මෙම විභාගය පැවැත්වෙන්නේ කොළඹ පහ ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත මාවතේ පිහිටි Australia college of business and technology ආයතනයේදීයි.
එක් මසකට උපරිම අයදුම්කරුවන් 150ට විභාගයට පෙනී සිටිය හැකි අතර විභාග ගාස්තු ජපන් යෙන් 3,500ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 6300.00ක් පමණ වේ.
එම විභාගයට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියේ ජපන් රැකියා ද්වාරය (SSW Japan) වෙත පිවිසීමෙන් ලබාගත හැකියි.