2023 පෙබරවාරි 14, ප.ව. 2:56
ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 4ක් ආනයනය, රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය 2023 ජූනි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව,
වරක් භාවිත කර ඉවත ලන (single-use) ප්ලාස්ටික් / පොලිතින් නිෂ්පාදන 7ක් ආනයනය, රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා 2021 වසරේ අගෝස්තු මස 30 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන තිබෙනවා.
ඒ අනුව, එම යෝජනා පිළිබඳව පරීක්ෂා කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර එම විද්වත් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මගින් අදාළ නිෂ්පාදන තහනම් කිරීමට නිර්දේශ කර තිබෙනවා.
ඊට අදාළ යෝජනාව පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.
2025 දෙසැම්බර් 18, ප.ව. 4:59
2025 දෙසැම්බර් 18, ප.ව. 3:18
2025 දෙසැම්බර් 17, ප.ව. 12:21
2025 දෙසැම්බර් 17, පෙ.ව. 11:07
2025 දෙසැම්බර් 16, ප.ව. 12:39