hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2026 මාර්තු 23, ප.ව. 11:43



මහජන බැංකුවේ ‘People’s Remittance’ කලින් අවුරුදු වාසි’ තෑගි තරඟය ඔස්සේ, 2026 මාර්තු 31ට දිනට පෙර එතෙර සිට මහජන බැංකු ගිණුමක් වෙත විදේශ ප්‍රේෂණ ගෙන්වා ගන්නා ඔබට, එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වටිනා තෑගි මල්ලක් දිනාගැනිමේ සුවිශේෂ අවස්ථාව සලසා ඇත.

මේ දිනුම් ඇදීම සඳහා 2026.01.01 සිට 2026.03.31 දක්වා කාලය තුළ ‘People’s Remittance’ හරහා මහජන බැංකු ගිණුම් වෙත විදේශ ශ්‍රමික ප්‍රේෂණ ගෙන්වා ගන්නා ගිණුම් හිමියන් අතරින් සුදුසුකම් ලබන වාසනාවන්ත ජයග්‍රාහකයින් 50 දෙනෙකු තෝරා ගැනෙන අතර, ඔවුන් හට රු.25,000/- බැගින් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත තෑගි මලු 50ක් පිරිනැමීමට නියමිතය.

මීට අමතරව, එතෙර සිට ‘People’s Remittance’ හරහා මහජන බැංකුව වෙත ශ්‍රමික ප්‍රේෂණ ගෙන්වා ගන්නා ගනුදෙනුකරුවන්ට ‘People’s Remittance’ වාසි කෝටියයි 2026. දිනුම් ඇදිම මඟින් සතිපතා ලක්ෂ ගණනින් මුදල් පිරිනැමෙන අතර, ‘දොළොස්මහේ වාසි චක්‍රය’ මඟින් සෑම මසකම දිනුම් අවස්ථා රැසක් හිමිවේ. ඔබ වැඩි වැඩියෙන් මුදල් ප්‍රේෂණය කරන තරමට ජයග්‍රාහි අවස්ථාද ඉහළ යනු ඇත.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම තමන්ගේත්, තම පවුල්වලත් ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙනුත් අප්‍රතිහත ධෛර්යයෙන් රැකී රක්ෂාවල නියැලෙන ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් දිරිමත් කර, ඔවුන්ව ඇගයිමට ලක් කිරිමේ අරමුණින්, මහජන බැංකුව ‘People’s Remittance’ වාසි කෝටියයි 2026’ දිනුම් ඇදීම සහ ‘දොළොස්මහේ වාසි චක්‍රය’ වැඩසටහන මෙලෙස දියත් කර ඇත.