2023 පෙබරවාරි 25, පෙ.ව. 7:15
මේ වසරේ පැවැත්වීමට නියමිත 07 වන කොරියානු භාෂා පරීක්ෂණය සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 85,072ක පිරිසක් අයැදුම් කර තිබෙනවා.
කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙතෙක් වැඩිම අයැදුම්කරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති අවස්ථාව මෙයයි.
මෙම අයැදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ වනවිට ආරම්භ කර ඇති අතර, ඒ අනුව 13,000කට අධික තරුණ තරුණියන් පිරිසක් විභාග ප්‍රවේශ පත්‍ර ලබාගැනිම සඳහා ඉදිරිපත් වී ඇති බව සඳහන්.
නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය මාර්තු 13 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, “ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා” වන විභාගය සැප්තැම්බර් 01 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම කොරියානු භාෂා පරික්ෂණ විභාගය සහ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය මගින් ලබාගත හැකියි.
2025 දෙසැම්‍බර් 18, ප.ව. 4:59
2025 දෙසැම්‍බර් 18, ප.ව. 3:18
2025 දෙසැම්‍බර් 17, ප.ව. 12:21
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 11:07
2025 දෙසැම්‍බර් 16, ප.ව. 12:39