hit counter

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 05, ප.ව. 6:16



ලිට්‍රෝ ගෑස් මිල අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කළ බව එම සමාගම පවසනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් ද, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් ද, කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45 කින් ද, ඉහළ දැමූ බව එම සමාගම සඳහන් කළා.

මෙම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,610 දක්වා ඉහළ ගිය බවත් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1850 දක්වා සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩරය රුපියල් 860 දක්වාත් ඉහළ ගිය බව එම සමාගම සඳහන් කළා.

කෙසේ වෙතත් ලාෆ් ගෑස් සමාගම පවසන්නේ ගෘහස්ථ ගෑස් මිලෙහි වැඩි වීමක් සිදු නොවන බවත් දැනට පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන බවත්ය.