hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 08, පෙ.ව. 10:34



රජයේ බැංකුවලින් ගුරුවරු ලබාගත් ‘ගුරු සෙත’ ණය ආපසු අය කර ගැනීමේදී අය කර ගනු ලබන පොලී අනුපාත පහත හෙළීමට මහා බැංකුව කටයුතු කළ යුතු යැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවා.

රටේ ආර්ථික තත්ත්වය යම් තරමකට ස්ථාවර වීම හේතුවෙන් මහා බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත පහත හෙළා ඇතත් බැංකුවලින් අය කර ගන්නා ණය පොලී අනුපාත මේ වනතුරුත් පහත හෙළා නොමැති බවට ඔහු චෝදනා කළා.

‘ගුරු සෙත’ ණය ලබාදීමේදී ගිවිසුම් ගත පොලී අනුපාතය සියයට නවයක් ලෙස දැක්වුණද ණයකරුවන් සමඟ කිසිදු සාකච්ජාවකින් තොරව ඒක පාර්ශ්වීය තීරණයක් ලෙස ණය පොලී අනුපාත සියයට තුනකින් එනම් සියයට ‍ෙදාළහක් දක්වා ඉහළ දැමීමට ණය හිමියන් කටයුතු කළ බවද හෙතෙම සඳහන් කළා.

මේ හේතුවෙන් බැංකුවලින් ණය ලබාගත් ගුරුවරු ඇතුළු රජයේ සේවකයන් මහත් අපහසුතාවට පත්වී සිටින බවද ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කර සිටියා.

රට යම් තරමකට ස්ථාවර වී ඇති පසුබිමක බැංකු පොලී අනුපාත පහළ දැමීමට මහා බැංකුව තීරණය කළද එහි සහනය තම ණයකරුවන්ට ලබා නොදීමට ණය හිමියන් කටයුතු කිරීම ඉතා අසාධාරණ බවද ඔහු අවධාරණය කළා.