2023 මාර්තු 04, පෙ.ව. 10:42
ඉහළ පොළී අනුපාත සහ බදු හේතුවෙන් පීඩාවට පත්වී සිටින ණය ලබාගත් පුද්ගලයින්ට සහනයක් දීමට චක්‍රලේඛ දෙකක් නිකුත් කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඊයේ (03) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ඒ බව සඳහන් කළා.
ණය ගෙවීමේ හැකියාව ඇති පුද්ගලයින්ට ණය ප්‍රතිව්‍යුහගතකරණය කර සහනයක් ලබාදීමට පියවර ගන්නා බවයි මහ බැංකු අධිපතිවරයා පැවසුවේ.
“වැඩි පොලී අනුපාත නිසා සහ බදු නිසා ණය ලබාගත් අයට ණය ගෙවීමේ අපහසුතාවයක් තියෙනවා කියලා අපිට පැමිණිලි ලැබෙනවා. ඒවට අපි දැනටමත් අලුත් චක්‍රලේක දෙකක් නිකුත් කරලා තියෙනවා. ඒ ගැන සලකාබලා බැංකුවල ණය ගෙවීමේ හැකියාව ඇති අයට යම් ආකාරයක ණය සහනයක් දෙන්න.. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා ඒ අයට සහනයක් දෙන්න.” යැයි ඔහු ප්‍රකාශ කළා.
2025 මැයි 06, ප.ව. 1:58
2025 මැයි 04, ප.ව. 4:26
2025 මැයි 02, ප.ව. 2:10
2025 මැයි 02, ප.ව. 12:27
2025 අප්‍රේල් 30, ප.ව. 3:50