hit counter

2024 නොවැම්‍බර් මස 27 වන බදාදා

2023 දෙසැම්‍බර් 18, ප.ව. 3:52



ජනප්‍රිය කුළුබඩු සන්නාමයක් වන Mc Currie නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදු කරන මෙරට කීර්තිමත් ව්‍යාපාරයක් වන Lanka Spice පෞද්ගලික සමාගම සිය සමාජ වගකීම ප්‍රදර්ශනය කරමින් ‘සෙනෙහසේ දෑත්‘ වැඩසටහන දියත් කරන ලදි. අධ්‍යාපනය වෙනුවෙන් දක්වන සහයෝගීතාවය මෙන්ම යහපත් සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් Lanka Spice පෞද්ගලික සමාගම දක්වන කැපවීම ද මෙම වැඩසටහනේ ආරම්භයත් සමඟ නිරූපණය වෙයි.

‘සෙනෙහසේ දෑත්‘ වැඩසටහන් මාලාවේ සමාරම්භක උත්සවය පසුගිය දා බප/ ජය/ අතුරුගිරිය, මහාමාත්‍ය විද්‍යාලයේදී පවත්වන ලදි. එහිදී Lanka Spice කළමනාකාරිත්වයේ සහ විද්‍යාලයේ පරිපාලනයේ සාමූහිකත්වයෙන් 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සුදුසුකම් සහිත සිසුන් පිරිසක් තෝරා ගන්නා ලද අතර ඔවුන්ට අත්‍යවශ්‍ය අධ්‍යාපන උපකරණ කට්ටල ප්‍රදානය කරන ලදි.

මෙම නිර්ලෝභී පරිත්‍යාගය සම්බන්ධයෙන් Lanka Spice පෞද්ගලික සමාගමට සිය කෘතඥතාව පළ කරමින් මහාමාත්‍ය විද්‍යාලයේ විදුහල්පති එච්. ඒ. ගාමිණි ජයරත්න මහතා මෙසේ ප්‍රකාශ කළේය. “Lanka Spice සමාගමේ මේ පරිත්‍යාගය මම අගය කරන්නේ කෘතඥතාවය පිරුණු හැඟීමකින්. විශාල ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වලින් පැමිණ අපේ පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්ට මේ පරිත්‍යාගය විශාල ශක්තියක් බව අමුතුවෙන් කිව යුතු නෑ. අපේ පාසලට වගේම තවත් පාසල් ගණනාවකට මේ ආකාරයෙන් ආධාර උපකාර කරමින් ඔවුන්ගේ අධ්‍යාපනයට රුකුලක් වීමට Lanka Spice සමාගමට ශක්තිය, ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.“

“කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ අධ්‍යාපනයට කියලා Lanka Spice අපි විශ්වාස කරනවා. ඒ නිසාම සෑම දරුවෙකුටම හොඳ අධ්‍යාපනයක් වෙත ප්‍රවේශ වීමට ඇති හැකියාව සහතික කිරීමට අපි ‘සෙනෙහසේ දෑත්‘ වැඩසටහනෙන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. අප අවට සිටින සියලුම ප්‍රජාවන්ට අපට හැකි ආකාරයෙන් සහයෝගය ලබා දීමට කැපවීමෙන් කටයුතු කරන Lanka Spice අපි අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් ධනාත්මක බලපෑමක් සිදු කිරීමට හැකි සෑම අවස්ථාවකම උත්සහ කරනවා.“ යැයි ‘සෙනෙහසේ දෑත්‘ වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් Lanka Spice පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මංජු ආරියරත්න මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි පරම්පරාවට දීප්තිමත් අනාගතයක් උදා කර දීම සඳහා දායක වෙමින් Lanka Spice පෞද්ගලික සමාගම විසින් ආරම්භ කළ ‘සෙනෙහසේ දෑත්‘ වැඩසටහන් මාලාව ඉදිරියේදී තවත් පාසල් සහ ප්‍රජා කණ්ඩායම් වෙත සමීප කරවමින් වඩාත් පුළුල් සමාජ මෙහෙවරක් සිදු කිරීමට අපේක්ෂා කෙරෙයි.

1984දී පතිකිරිකෝරළේ පවුල විසින් ආරම්භ කළ Lanka Spice පෞද්ගලික සමාගම විසින් Mc Currie සන්නාමය හඳුන්වා දුන් අතර එය එතැන් පටන් උසස්ම තත්ත්වයෙන් යුතු අනර්ඝතම කුළුබඩු නිෂ්පාදනයක් ලෙස ව්‍යාප්ත විය. සිය පාරිභෝගිකයන්ට ඉහළම සූපශාස්ත්‍ර අත්දැකීමක් ලබා දීමට Mc Currie විසින් සිදු කරන නිරන්තර කැපවීම තහවුරු කරමින් මේ වන විට මෙම සන්නාමය රට පුරා ගෘහණියන් අතර ඉහළම ජනප්‍රියත්වයක් හිමි කර ගෙන සිටියි. 

Example Image