hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 27, ප.ව. 12:53



රාගම මෙල්ස්ටා රෝහල විසින් පසුගියදා නවීන පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී කාමර පෙළක් සිය රෝහලට එක් කළ බව නිවේදනය කළේය. මෙම නව සුඛෝපභෝගී කාමර සමූහය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව අංග සම්පූර්ණව නිර්මාණය කර ඇති අතර කොළඹ පෞද්ගලික රෝහල්වල සුඛෝපභෝගී පහසුකම් හා සෑම අතින්ම සමාන වුවත් ඊට වඩා 30% ත් 50% ත් අතර ප්‍රමාණයකින් මිල අඩු වීම සුවිශේෂීත්වයකි.

ජනාකීර්ණ ගම්පහ ප්‍රදේශයේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහල වශයෙන් රාගම මෙල්ස්ටා රෝහල සිය පහසුකම් වැඩි කිරීමට ගත් මෙම පියවර ගම්පහ ජනතාවගේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවති ඉක්මනින් ප්‍රවේශ විය හැකි තැනක, පහසු මිලකට, සුවපහසු සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීම සදහා වූ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම වෙනුවෙන්ම ගත් වැදගත් පියවරක් වශයෙන් සඳහන් කළ හැකිය. 

රාගම මෙල්ස්ටා රෝහල මෙල්ස්ටා හෙල්ත් (Melsta Health) සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන අතර මෙල්ස්ටා හෙල්ත් සමාගම ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම ව්‍යාපාරිකයෙක් වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙරට විශාලතම සමාගම් සමූහයක් වන මෙල්ස්ටාකෝප් පී.එල්.සී (Melstacorp) සමාගමේ සාමාජිකයෙකි. අතීතයේදී රාගම බ්‍රවුන්ස් රෝහල ලෙසින් හැදින්වුණු මෙම රෝහල 2020 වසරේදී මෙල්ස්ටා හෙල්ත් සමාගම විසින් අත්පත් කරගැනීමෙන් අනතුරුව රාගම මෙල්ස්ටා රෝහල නමින් නව ගමනක ආරම්භය සනිටුහන් විය.

“මෙල්ස්ටා රෝහල ජාත්‍යන්තර මට්ටමේ උසස් සුව සේවාවන් දැරිය හැකි පහසු මිලකට සියලු ශ්‍රී ලාංකිකයින් වෙත හිමි කරදීමේ දැක්ම මත ක්‍රියාත්මක වන ආයතනයක්. මේ දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා ආරම්භයේ සිට මේ දක්වා අඛණ්ඩවම අමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක පමණ පිරිවැයක් දරමින් රෝහලේ පහසුකම් සංවර්ධනය කිරීමට මෙල්ස්ටා හෙල්ත් සමාගම කටයුතු කර තිබෙනවා. නව සුඛෝපභෝගී කාමර අංශය විවෘත කිරීම මේ අඛණ්ඩව සිදු කෙරුණු වැඩසටහනේ නවතම සංධිස්ථානය වශයෙන් හැදින්විය හැකියි. රාගම මෙල්ස්ටා රෝහලේ පහසුකම් තව දුරටත් වර්ධනය කරමින් ගම්පහ ප්‍රදේශයේ ජනතාවට උසස්ම සේවාවක් ලබා දීම සඳහා තවත් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව අපි මේ අවස්ථාවේදී ඉතා සතුටින් නිවේදනය කර සිටිනවා.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් රාගම මෙල්ස්ටා රෝහලේ විධායක අධ්‍යක්ෂක වෛද්‍ය ඉරෙයිවන් ත්‍යාගරාජා මහතා සඳහන් කර සිටියේය.

නව සුඛෝපභෝගී කාමර පහසුකම් පිළිබදව අදහස් දක්වමින් රාගම මෙල්ස්ටා රෝහලේ සාමාන්‍යාධිකාරිණී රොෂිටා නිරූෂන් මහත්මිය පැවසුවේ “ඉතා කෙටි කාලයක් තුළ රාගම මෙල්ස්ටා රෝහල ගම්පහ ප්‍රදේශයේ ජනතාවගේ හදවත්වලට ඉතා සමීප ගෙදර දොර නිතර ඇසෙන නාමයක් බවට පත්ව තිබෙනවා. ඒ අඛණ්ඩවම අපේ සේවාවන් හා පහසුකම් වැඩිදියුණු කරමින් ගම්පහ ප්‍රදේශයේ ජනතාවට ඉහළම සෞඛ්‍ය සේවාවක් ඉතා පහසු මිලකට ලබා දීමට අපට හැකි වූ නිසයි. පසුගිය කාලය පුරා ඒ වෙනුවෙන් අපේ කාර්ය මණ්ඩලය ඉතා කැපවීමෙන් ක්‍රියා කර තිබෙනවා. 30% ත් 50% ත් අතර ප්‍රමාණයකින් මිලෙන් අඩු නමුත් තත්ත්වයෙන් උසස්ම සුඛෝපභෝගී සේවාවක් ලබා දීමට කටයුතු කිරීම අපේ ඒ කැපවීම මනාව පෙන්නා දෙන්නක් බව සඳහන් කළ යුතුයි.”

රෝග නිර්ණය සඳහා වන අති නවීන තාක්ෂණික උපකරණ, දියුණු වෛද්‍ය සහ ශල්‍ය උපාංගවලින් අංග සම්පූර්ණ රාගම මෙල්ස්ටා රෝහල සිය රෝගීන් කේන්ද්‍ර කරගත් සේවා සැපයීමේ ප්‍රවේශය නිසා කීර්තියක් දිනා ඇති රෝහලකි. දීර්ඝ කාලයක් පුරා අඛණ්ඩවම යටිතල පහසුකම් සංවර්ධනය, තාක්ෂණය සහ සම්පත් සංවර්ධනය මෙන්ම ගුණාත්ම බව ඉහළ නැංවීම හරහා දැවැන්ත ආයෝජනයන් සිදු කිරීම නිසා වර්තමානයේදී රාගම මෙල්ස්ටා රෝහල ශ්‍රී ලංකාවේ වඩාත් වේගයෙන්ම දියුණු වෙමින් පවතින පෞද්ගලික රෝහලක් ලෙසින් පෙරමුණට පැමිණ ඇත. 

අංග සම්පූර්ණ බහුවිධ සේවා සපයන රෝහලක් වශයෙන් රාගම මෙල්ස්ටා රෝහල ඉතා විශාල ප්‍රදේශයක් පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සිය සේවය සපයන අතර සිය සේවාවන් උසස්ම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ලබා දීමට රෝහල විසින් විශේෂ උත්සාහයක් දරනු ලබයි. ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනය වෙතින් ISO 9001:2015 සහතිකරණය ලැබූ පළමු සෞඛ්‍ය සේවා ආයතනය බවට පත්වීම සහ ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී නොමඳ ඇගයීමට පාත්‍ර වීම රාගම මෙල්ස්ටා රෝහල සිය ප්‍රමිතිය සම්බන්ධයෙන් දක්වන කැපවීම මනාව ප්‍රදර්ශනය කරයි.

මෙල්ස්ටා හෙල්ත් (Melsta Health) පිළිබඳව 

මෙරට විශාලතම සමාගම් සමූහයක් වන මෙල්ස්ටාකෝප් පී.එල්.සී (Melstacorp) විසින් 2017 වසරේදී සියලු ශ්‍රී ලාංකිකයින් හට දැරිය හැකි මිලකට ජාත්‍යන්තර තත්ත්වයේ උසස්ම සෞඛ්‍ය සේවාවන්ට ප්‍රවේශය ලබා දීමේ දැක්ම ඇති මෙල්ස්ටා හෙල්ත් සමාගම පිහිටුවන ලද අතර වර්තමානයේදී මෙල්ස්ටා හෙල්ත් සමාගම සෞඛ්‍ය අංශ 3 ක් ආවරණය කරයි. ඒ අනුව මෙල්ස්ටා රෝහල්, මෙල්ස්ටා රසායනාගාර සේවා සහ මෙල්ස්ටා ෆාමසි යන අනුබද්ධිත සමාගම් ත්‍රිත්වයක් සමගින් මෙල්ස්ටා හෙල්ත් ක්‍රියාත්මකය. 

උසස්ම තත්ත්වයේ ජාත්‍යන්තර වෛද්‍ය පහසුකම් සහ තාක්ෂණය සමගින් රෝගීන්ගේ පහසුව කේන්ද්‍ර කරගත් ව්‍යාපාර ප්‍රවේශයක් මත ක්‍රියාත්මක වන මෙල්ස්ටා රෝහල් සමාගම සියලු ශ්‍රී ලාංකිකයින් හට පහසුවෙන් දැරිය හැකි මිලකට ගුණාත්මක සේවාවක් ලබා දීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මකවන අතර ශ්‍රී ලංකාවේ එකම තනි රසායනාගාර ජාලය වන මෙල්ස්ටා රසායනාගාර සේවාව ලොව පිළිගත් ඉහළම තාක්ෂණය සහ හොදම වෘත්තීයවේදීන්ගේ සහය ඇතිව විශිෂ්ට රෝග නිර්ණය සේවාවන් සැපයීම වෙනුවෙන් කැප වී සිටී. මෙල්ස්ටා හෙල්ත් විසින් සපයනු ලබන සේවා පරාසය අංග සම්පූර්ණ කරන මෙල්ස්ටා ෆාමසි සේවාව පහසු මිලට ගුණාත්මක ඖෂධ ලබා දීම කෙරෙහි කැපවී සිටී.

Example Image