hit counter

2025 මැයි මස 07 වන බදාදා

2023 මැයි 14, ප.ව. 3:08



මිල අඩු වූ කිරිපිටි පළමුව බෙදා හරින්නේ බස්නාහිර පළාතට බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඉන් අනතුරුව සෙසු පළාත්වලට බෙදා හැරීම ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

රුපියල් 200කින් අඩු කළ මිල ගණන් ඇතුළත් ලේබල් කිරිපිටි පැකට්ටුවෙහි අද (14) සටහන් කරන බව එම සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා ප්‍රකාශ කළා.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ හෙට (15) සිට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් අඩු කරන බවයි.

කෙසේ වෙතත්, ඇණවුම් කළ කිරිපිටි නෞකාවක ප්‍රමාදයක් හේතුවෙන් නව මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට කිරිපිටි නිකුත් කිරීම කල් යනු ඇති බව කිරිපිටි ආනයන සංගමය ද පසුගියදා සඳහන් කළා.