2023 ජූලි 01, පෙ.ව. 12:03
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම ජූලි මස 04 වනදා සිට ආරම්භ කරන බව දැනුම්දී තිබෙනවා.
2023.08.07 වනදා දක්වා අයදුම්පත් යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා.
මේ සඳහා 2019/2020/2021 වර්ෂයන්හි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් සිසුන් සුදුසුකම් ලබනවා.
අයදුම්පත් http://www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි අතර එම වෙබ් අඩවියට පිවිස පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ශිෂ්‍ය අත්පොත පරිශීලනය කර අදාළ සියලු තොරතුරු ලබා ගත හැකියි.
070-3555970-79 දක්වා දුරකථන අංක අමතා වැඩි විස්තර විමසිය හැකියි.
2026 මාර්තු 10, ප.ව. 12:35
2026 මාර්තු 09, ප.ව. 1:28
2026 මාර්තු 09, ප.ව. 1:19
2026 මාර්තු 08, ප.ව. 7:15
2026 මාර්තු 07, ප.ව. 7:39