2023 පෙබරවාරි 10, ප.ව. 8:52
මෙරට යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවකම ප්‍රධාන පාර්ශවකරුවෙකු වූ ජපානයේ මිට්සුබිෂී සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන මාර්තු මස 31 වැනි දින මිට්සුබිෂී සමාගමේ කොළඹ කාර්යාලය වසා දැමීමට තීරණය කර තිබෙනවා.
අහිතකර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහ ආර්ථික දැක්මත් මිට්සුබිෂී සමාගම වසර හැටකට පසු ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට ගත් තීරණයට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඊට අමතරව ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය ඇතුළු ජපාන නව ව්‍යාපෘති යෝජනා හදිසියේ අවලංගු කිරිම ද මිට්සුබිෂී සමාගමේ මෙහෙයුම් කටයුතු අවසන් කිරිමට හේතු වී ඇත්තේ.
මිට්සුබිෂී සමාගමෙහි හි ශ්‍රී ලංකා කාර්යාලය එම සමාගමේ පළමු විදෙස් කාර්යලවලින් එකක්.
එය ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවයේ ද වැදගත් කාර්යභාරයක් ඉටු කළා.