2023 ජූලි 08, පෙ.ව. 12:01
ලිහිසි තෙල් මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ලබන සතියේ ඊට අදාළ සමාගම් සමඟ සාකච්ඡා කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
වෙළෙඳ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම සහ පොලී අනුපාතය අඩු කිරීම හේතුවෙන් ලිහිසි තෙල් මිල ද අඩු කළ හැකි බවයි.
කෙසේවෙතත් මේ වන විට වෙළඳපොලෙහි ලිහිසි තෙල් සඳහා පවතින්නේ අධික මිලක් වන අතර එය පාරිභෝගික ජනතාවටද දරාගත නොහැකි මිල ගණනක්.
කෙසේ හෝ මෙහි මිල අඩු කිරීමට හැකියාව තිබියදීත් එලෙස අඩු නොකර සිටීම පාරිභෝගික ජනතාවටද ප්‍රශ්ණාර්ථයකි.
ඩොලරයේ සහ බොරතෙල් මිල වැඩි වන විට අධික මිල ගණන් වලින් වැඩි කරන්නටත්, ඩොලරය සහ බොරතෙල් මිල පහත බසින විට සුළු ගණනකින් අඩු කරන්නටත් කටයුතු කිරීමෙන් මෙහි අධික ලාභය කාගේ සාක්කුවට යන්නේ දැයි ජනතාවට ඇති ප්‍රබල ප්‍රශ්ණාර්ථයක්.
මේ හේතුවෙන් මෙහි වාසිය ජනතාවට කවදා ලැබෙයිද?
2025 මැයි 06, ප.ව. 3:46
2025 මැයි 06, ප.ව. 1:58
2025 මැයි 04, ප.ව. 4:26
2025 මැයි 02, ප.ව. 2:10
2025 මැයි 02, ප.ව. 12:27