2023 අගෝස්‍තු 07, පෙ.ව. 12:44
මේ වසර අවසන් වීමට පෙර සියලු පළාත් පාලන ආයතන සඳහා ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.
මේ වන විටත් පළාත් පාලන ආයතන 69ක මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.
වරිපනම් බදු ඇතුළු බදු ගෙවීමේ කටයුතු, එම පළාත් පාලන ආයතන තුළ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මේ වන විට සිදුකරනු ලැබෙන බවටයි වාර්තා වන්නේ.
ඊට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමේ කටයුතු ද ඔන්ලයින් ක්‍රමය යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අවධාරණය කර ඇත්තේ.
ජනතාවට අපහසුතාවකින් තොරව සිය රාජකාරී කටයුතු සිදුකර ගැනීමේ අරමුණින් මෙම නව වැඩපිළිවෙළ හදුන්වා දී ඇති අතර, මේ වසර අවසන් වීමට පෙර දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන 341 සඳහාම මෙම වැඩපිළිවෙළ හඳුන්වා දීමට නියමිතව තිබෙනවා.
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
2026 ජනවාරි 29, ප.ව. 3:35
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26