hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 02, පෙ.ව. 11:26



මහජන බැංකුවේ 279 වැනි ස්වයං බැංකුකරණ ඒකකය (Self Banking Unit) රත්තොට ශාඛා පරිශ්‍රයේදී පසුගියදා විවෘත කෙරිණි.

මෙම ස්වයං බැංකුකරණ ඒකකය, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් (ATM) සහ මුදල් තැන්පතු යන්ත්‍රයකින් (CDM) සමන්විතය.

මේ තුළින් සතියේ ඕනෑම දිනයක පැය 24 පුරාම වඩාත් පහසු සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

මෙම අවස්ථාවට රත්තොට ප්‍රාදේශීය ලේකම් එෆ්.ආර්.එම්. රියාල්ඩීන්, මහජන බැංකුවේ මාතලේ ප්‍රාදේශිය කළමනාකාරිනී ලලනි අදිකාරී, සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනීයන් වන නිරෝධා රම්බොඩගෙදර හා කේ. එල් මැණික්ආරච්චි යන මහත්මීන්, රත්තොට ශාඛා කළමනාකාර ධම්මික ජයවර්ධන මහතා ඇතුළු මහජන බැංකු කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරීන් ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සහභාගි වූහ.

දිවයින පුරා පිහිටි ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 743 කින් සමන්විත, රුපියල් ටි්‍රලියන තුනක වත්කම් හිමි මහජන බැංකුව මිලියන 14කට අධික ගනුදෙනුකරුවන්ගෙන් යුත් දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වේ.