hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 ජූලි 06, ප.ව. 4:39



මහජන බැංකුව ස්ථාපිත කර ජුලි 01 වන දිනට හැට තෙවසරක් සැපිරිණි.

ඒ වෙනුවෙන් මහජන බැංකු බෞද්ධ සංගමය සංවිධානය කළ මහා පුණ්‍යෝත්සවය ජූලි මස 05 සහ ජුලි මස 06 දෙදින තුළ මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදි පැවැත්විණි.

මේ යටතේ ජුලි මස 05 දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ද, ජුලි 06 දින මහා සංඝරත්නය හැට තුන්නමක් විෂයෙහි සපිරිකර දානමය පින්කමක්ද සංවිධානය කෙරිණි.

මෙම මහා පින්කම කොළඹ කොටුවේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ විහාරාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.

රටට, ජනතාවට, ගනුදෙනුකාර භවතුන්ට මෙන්ම මහජන බැංකුව පිහිටුවීමේලා පුරෝගාමී වූ සියලූ නායකයින්ට, අතීත සහ වත්මන් කාර්ය මණ්ඩලයට ආශිර්වාද පතා පැවති මෙම ආගමික වැඩසටහන් සඳහා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුඑ ආයතනික හා විධායක කළමනාකාරිත්වය බැංකු කාර්ය මණ්ඩලය හා විශ්‍රාමික සේවක පිරිස්ද සහභාගි විය.