2024 අගෝස්‍තු 06, ප.ව. 6:30
මහජන බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානය විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ලෝක බෞද්ධ කෞතුකාගාර සංකීරණය සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සහ පරිත්‍යාගයන් සිදුකිරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් අන්තර්ජාල ගෙවීම් පිවිසුමක් (IPG) හඳුන්වා දී ඇත. මෙම නව ක්‍රමය ඔස්සේ දේශීය සහ විදේශීය ජනතාවට ලොව ඕනෑම තැනක සිට ක්‍රෙඩිට් හෝ ඩෙබිඩ් කාඩ්පත් භාවිතයෙන් පහසුවෙන් ගෙවීම් සිදුකිරීමේ හැකියාව සැලසේ.
මෙහි හඳුන්වා දීමේ උත්සවය මහනුවර දළදා මාලිගාවේදී පසුගියදා පැවති අතර, ඒ සදහා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම් ක්‍රියාවලී කළමනාකරණ සහ තත්ත්ව ආරක්ෂණ) නිල්මිණී ප්‍රේමලාල්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ, කාඩ්පත් ප්‍රධානී ජයනාදත් ඩයස්, ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘතිය අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හිස්සැල්ල, මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය කළමනාකාර නලින් පොත්තේවෙල යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහභාගි විය.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ලෝක බෞද්ධ කෞතුකාගාරය ආසියාවේ සහ ලෝකයේ සෙසු රටවල බුදු දහමේ ව්‍යාප්තිය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් ස්ථාපිත කර ඇති අතර, එය බුදු දහමේ ව්‍යාපෘතිය පෙන්නුම් කරන ලෝකයේ එකම කෞතුකාගාරයයි.
ලොව පුරා විසිරී සිටින ජනතාවගේ සහ ආධාර උපකාර කරන්නන්ගේ ගෙවීම් කටයුතු පහසු කිරීමේ අරමුණින් විධිමත් ගෙවීම් ක්‍රියාවලියක් ලෙස මෙම අන්තර්ජාල ගෙවීම් පිවිසුම හඳුන්වා දෙන ලදී.