hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු 05, ප.ව. 5:02



ආදරණීය මවක, දියණියක, සොයුරියක ලෙස විවිධ භුමිකාවන් ඔස්සේ සිය පවුලේ ස්ථාවරත්වය නඟා සිටුවීමට දිරිය දෙන ඇය, තවත් විටෙක ශ්‍රමය සපයන්නියක, බුද්ධිය මෙහෙයවන්නියක, තීරණ ගන්නියක හා නායකත්වය සපයන්නියක ලෙස රටෙහි ආර්ථිකය නඟා සිටුවීමට ද උරදෙයි.

පවුලේ, සමාජයේ මෙන්ම මාතෘ භුමියේ ද හෙට දිනය වෙනුවෙන් නිරන්තරයෙන් දහදිය කදුළු හෙලමින් ශ්‍රී ලාංකීය කාන්තා පරපුර විසින් සිදුකරන අමිල මෙහෙවරට හරසර ප්‍රණාම පිදීමට මෙවරත් මාර්තු 08 දිනට යෙදෙන ජගත් කාන්තා දිනය සමරමින් මහජන බැංකුව ද එක්වෙයි.

ශ්‍රි ලාංකීය වනිතා පරපුරේ ඉතිරිකිරිමේ සිරිත දිරිගැන්වීම සහ ආර්ථික ශක්තිය දියුණු කිරිමේ අරමුණින් මහජන බැංකුව හඳුන්වා දුන් වනිතා වාසනා ගිණුම මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය තේමාකරගනිමින් සුවිශේෂ ප්‍රතිලාභ රැසක් ලබාදීමට පියවර ගෙන ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු සහ එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන මහත්මිය-

‘සකසුරුවම දෝතින්ම උරුම කරගත් ශ්‍රී ලාංකීය කාන්තා පරපුරට ඉතිරි කිරිම් තවදුරටත් ප්‍රගුණ කරන්නට ඉඩ ප්‍රස්ථා සලසා දෙමින් 1993 වසරේදී ජගත් කාන්තා දිනයට සමගාමීව වනිතාවන් වෙනුවෙන් “වනිතා වාසනා” ඉතුරුම් ගිණුම, බදුල්ලේ පැවති රාජ්‍ය කාන්තා දින උත්සවයේදි මහජන බැංකුව විසින් හඳුන්වා දුන්නා.

තැන් පටන් වනිතා ඉතුරුම් දිරිගැන්වීමෙන් මෙන්ම විවිධ ණය පහසුකම් ලබාදීමෙන් දේශයේ කාන්තා ප්‍රගමනය හා එමඟින් පවුලේ ආර්ථිකය නඟා සිටුවීමට ද, රටේ ආර්ථික නවෝදයට ඉතුරුම් තුළින් ප්‍රබල දායකත්වයක් ලබාදීමට ද ‘වනිතා වාසනා’ ඉතුරුම් ගිණුම තුළින් මහජන බැංකුවට හැකිවුනා.

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්, ‘වනිතා වාසනා’ ගිණුමින් සුවිශේෂ ප්‍රතිලාභ රැසක් පිරිනැමීමට මහජන බැංකුව සූදානමින් සිටිනවා. එමෙන්ම ඔවුන්ව ව්‍යවසායිකාවන් ලෙස බලගැන්වීමේ අරමුණින් වාර්ෂික පොලිය 5% සිට පවතින බැංකු ණය යෝජනා ක්‍රම රැසක්ද හඳුන්වා දී තිබෙනවා. මීට අමතරව ‘Women Business Challenge’ වැඩසටහන දියත් කරමින් සෑම දිස්ත්‍රික්කයකින්ම හොඳම කාර්ය සාධනය සහිත කාන්තා ව්‍යවසායිකාවක් තෝරා ඔවුන් වෙත මූල්‍යමය තිළිණ පිරිනැමිමටද කටයුතු යොදා තිබෙනවා.’

මහජන බැංකුවේ ‘වනිතා වාසනා High Interest’ (HISA) ඉතුරුම් ගිණුමින් ප්‍රතිලාභ රැසක් හඳුන්වා දී තිබේ. කාන්තා ඔබට නම්‍යශීලි හා සුරක්ෂිත ඉහළ ප්‍රතිලාභ හිමි ආයෝජනයක් වන මේ ගිණුමින් තැන්පතු වටිනාකමත් සමඟ වැඩිවන ආකර්ෂණිය පොලියක් පිරිනැමේ. එමෙන්ම බාධාවකින් තොරව මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව ද හිමිවේ.

මීට අමතරව, ‘වනිතා වාසනා’ ගිණුමට සමගාමීව, අරපිරිමැස්ම ඔස්සේ වනිතා පරපුරේ ආර්ථික ශක්තිය ක්‍රමානුකුලව ඉහළ නැංවීමේ පරමාර්ථයෙන් ‘වනිතා වාසනා Money Planner’ ආයෝජන සැලසුම් ක්‍රමයද හඳුන්වා දී ඇත. වසර අවසානයේ ඔබ ඉතිරිකිරීමට බලාපොරොත්තු වන මුදල අනුව රු.25,000/=, රු.50,000/=, රු.100,000/=, රු.250,000/=, රු.500,000/= වටිනාකමින් යුත් මෙම ආයෝජන සැලසුම් තුළින් ආකර්ෂණීය පොලියක් පිරිනැමේ. කාර්ය බහුල ඔබට ස්ථාවර නියෝග මඟින් වුවද වාරික ගෙවීමේ පහසුකම ලබා ගත හැක. මීට අමතරව, සෑම ආයෝජන සැලසුමකටම තිළිණයක්ද පිරිනැමේ.

එමෙන්ම, වනිතා වාසනා ගිණුම වෙනුවෙන්ම සන්නාමනය කරන ලද විශේෂ Branded Debit Card සහ Credit Card පත් හිමියන්ට දිවයිනේ ප්‍රමුඛතම වෙළෙඳසැල් සඳහා සුවිශේෂ වට්ටම් හිමිවේ. එමෙන්ම, ‘වනිතා වාසනා’ ගිණුම් හිමියන්ට ‘මහජන බැංකුවේ ස්වර්ණ ප්‍රදීප’ උකස් අත්තිකාරම් සඳහා 0.5%ක පොලි සහනයක් හිමිවීම විශේෂත්වයකි.

අප රට තුළ කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව ඇති ව්‍යවසායකත්ව සංකල්පය කාන්තාවන් අතර දිරිගැන්වීමට මෙවර කාන්තා දින වැඩසටහන තුළින් මහජන බැංකුව බලාපොරොත්තු වේ. එමඟින් කාන්තා පරපුර ව්‍යාපාරික ලෝකයට අවතිර්ණ වීමට අත්වැලක් සැපයීමත්, ඒ තුළින් මතු පරපුරට ව්‍යවසායකත්වය පිළිබඳ පූර්වාදර්ශයක් නිසැකවම ලබාදිය හැකි බවත් අප විශ්වාස කරමු.

කාන්තා ඔබට අභියෝග ජයගන්නට සවියක් වෙමින්, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් 5%ක අවම පොලියක සිට ණය පහසුකම් පිරිනැමේ. ඒ අනුව ‘වනිතා සවිය’, අස්වැන්න, SMED, People’s Spark, NCGIL, MSME Re-Energizing Package වැනි ණය පහසුකම් ලබාගත හැක.

මහජන බැංකුව මෙවර ‘Women Business Challenge’ වැඩසටහන දියත් කරන අතර,ඒ තුළින් දිස්ත්‍රික්ක මට්ටමින් හොඳම කාන්තා ව්‍යවසායිකාව සඳහා රු100,000/-ක මුදල් තිළිණයක් පිරිනැමේ. මෙසේ දිස්ත්‍රික්ක වශයෙන් ජයග්‍රාහිකාවන් 25 දෙනෙකු තෝරාගැනිමට නියමිතය.

නිසි සැලසුමක් අනුව ක්‍රමවත්ව ඉතිරි කළහොත් අනාගත මූල්‍ය සුරක්ෂිතතාවය සලසා ගැනීමට ඉහත ඉතුරුම් ක්‍රම හරහා මහඟු අත්වැලක් සැලසේ. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට, විදේශගතවීමට, ස්වයංරැකියාවකට, වෙළෙඳ ව්‍යාපාරයකට හෝ පවුලේ හදිසි අවශ්‍යතාවයකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා මුදලක් තමා සතු වේ නම්, එය වනිතාවන්ගේ ආත්ම විශ්වාසය තවදුරටත් ඉහළ නංවන්නකි. ක්‍රමවත් සැලසුමකට ඔබ ඉතිරිකරන මුදල ජිවන මංපෙතේ ඔබ මුහුණදෙන කවර අභියෝගයකට වුවද නොසැලී මුහුණදිමට හැකි ආත්ම විශ්වාසයක් ඔබ හද තුළ ජනිත කරන බව නිසැකය.

මහජන බැංකුව කාන්තා ඔබ වෙනුවෙන්ම වනිතා වාසනා ගිණුමින් මෙම ප්‍රතිලාභ පිරිනමන්නේ ඔබගේ ඉතිරිකිරිමේ සිරිත දිරිගැන්වීම සඳහාමයි. අනාගතය දෙස සුබවාදිව බලන කාන්තා ඔබටත් ‘වනිතා වාසනා’ ගිණුම සමඟ එක්වී, ඔබේ සිහින සැබෑ කරගෙන ලෝකයම ජයගන්නා මෙන් මහජන බැංකුව ගෞරවයෙන් ආරාධනා කරයිග මෙම ප්‍රතිලාභ පිළිබඳ වැඩි විස්තර 1961 ඔස්සේ මහජන බැංකුවේ ක්ෂණික දුරකථන සේවාව ඇමතීමෙන් හා www.peoplesbank.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ළඟම මහජන බැංකු ශාඛාවෙන් දැනගත හැක.