2024 ජනවාරි 30, පෙ.ව. 8:16
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත්‍රය ජාත්‍යන්තර අපනයන වෙළෙඳපොළ කරා ව්‍යාප්ත කරලීමේ රජයේ දැක්මට අනුව යමින් ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ජාත්‍යන්තර වෙළඳපලේ දොරගුළු විවර කිරීමට නිරන්තරයෙන්ම කටයුතු කරයි. ඒ අනුව ජාත්‍යන්තර අපනයන වෙළඳාම අරමුණු කරගනිමින් මහජන බැංකුව, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මූල්‍ය හා මුල්‍ය නොවන සහය පිරිනැමිම සඳහා දිවයින පුරා අපනයන කේන්ද්‍ර (Export Hub) 5ක් පසුගිය වසරේදි ස්ථාපිත කරන ලදි.
එමෙන්ම මෙරට සුළු හා මධ්‍ය පරිමාණ අපනයන ප්‍රවර්ධනය කිරිමේ අරමුණ පෙරදැරිව මහජන බැංකුව හා Export Bahrain (බහරේන් හි ජාතික සුළු හා මධ්‍ය පරිමාණ සංවර්ධන මණ්ඩලය විසින් ගෝලීය ආනයනයන් ප්‍රවර්ධනය කිරිම සඳහා පිහිටුවා ඇති ආයතනය) අතර සාකච්ඡාවක් කොළඹ 02, මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදි පසුගියදා පැවැත්විණි. මේ සඳහා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් සහ Export Bahrainහි ප්‍රධාන විධායක නිලධාරිනි සාෆා ෂාරිෆ් ඒ. කාලික් සහ එහි අලෙවි හා ප්‍රවර්ධන අංශයේ ෂයිනාබ් මත්රුක් යන මහත්මින් සහභාගි වූහ. මෙම හමුව බහරේනයේ ශ්‍රී ලංකා තානාපති එච්. එම්. ජී. ආර්. ආර්. කේ විජේරත්න මෙන්ඩිස් මහත්මිය සංවිධානය කර තිබිණි.
මේ අවස්ථාවට මහජන බැංකුවේ ව්‍යවසාය බැංකු අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තේ, කුරුඳු, මල් වගා, කුළුබඩු, ඇඟළුම් සහ සැකසූ ආහාර මෙන්ම, පොල් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළුව, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයන්හි නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිරිසක් ද එක්ව සිටියහ. දෙරට අතර ආයෝජන අවස්ථා සොයා බැලීමට මෙන්ම, දෙරටෙහි වෙළෙඳ සහ ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම උදෙසා පැවති මෙම සාකච්ඡාව වඩාත් ඵලදායිව සිදුකෙරිණි.