2025 ජූනි 20, ප.ව. 4:35
මෙරට විදුලි උපාංග නිපැයුම් අංශයේ පුරෝගාමී නාමයක් වන Polycrome සිය 45 වන සංවත්සරය පසුගියදා වෝටර්ස් එජ් හෝටලයේදී අභිමානයෙන් සමරනු ලැබීය. එහිදී ඉහළම කාර්යසාධනයක් සහිත බෙදාහැරීමේ නියෝජිතයන් හා අලෙවිකරණයේ විශිෂ්ටයන් ඇගයීමට ලක්විය.
අඛණ්ඩව කැපවූ සේවාවත්, නවෝත්පාදනය හා විශිෂ්ටත්ව ප්‍රවේශයේ නව මානයන් සොයා යන නව ඇරඹුමක් ලෙස මෙම අවස්තාව හඳුන්වා දී ඇත. 1980 වසරේ ඩී. ඩබ්ලිව්. පරණවිතාන මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ ගොඩ නැඟුනු Polycrome නිෂ්පාදන මෙරට විදුලි කර්මාන්තයේ ගුණාත්මකභාවයේ හා ආරක්‍ෂාවේ සංකේතයක් බවට පත්ව ඇත්තේ ඔවුන්ගේ මෙම ගමන් මගේ අද්විතීය සංධිස්ථානය බවට පත් වෙමින්ය.
මෙම සම්මාන රාත්‍රිය විශිෂ්ටතම බෙදාහැරීමේ නියෝජිතයන්, අලෙවිකරණයේ විශිෂ්ටයන් සහ විශිෂ්ටතම අලෙවි නියෝජිතයන් අගයමින් අංශ 6 ක් ඔස්සේ සම්මාන ලබාදීම සිදුවිය. මෙම සුවිශේෂී සම්මාන ගොන්න අතරට වසරේ විශිෂ්ටතම බෙදාහැරීමේ නියෝජිතයන්, කීර්තිමත් සභාපති සම්මානය, වසරේ විශිෂ්ටතම ආයතනික අලෙවිකරුවා, වසරේ විශිෂ්ටතම ප්‍රාදේශීය අලෙවි කළමනාකරු, විශිෂ්ටතම අලෙවි විධායක, වැනි සම්මාන මෙයට ඇතුලත් විය. එම සම්මානයන්ට අමතරව මුදල් හා සහතිකපත් ද ප්‍රධානය කෙරිණි.
Polycrome ආයතනයේ සභාපති ඩී.ඩබ්ලිව්.පරණවිතාන මහතා උත්සවය අමතමින් කියා සිටියේ “ වසර 45ක් පුරාවට පාරිභෝගික විශ්වාසය දිනූ ආයතනයක් ලෙස අප පැමිණි මෙම සුවිශේෂී ගමන් මඟ දෙස නැවත හැරී බැලීමේදී Polycrome ආයතනය නවෝත්පාදන ක්‍රියාවලියේ ඉදිරියෙන්ම සිටින ආයතනයක් බවත් දේශීය ශිල්පීය ඥානය යොදාගනිමින් ජාත්‍යන්තරය ජය ගන්නට අපට ඒ හරහා හැකියාව ලැබී තිබීම සුවිශේෂී කරුණක් ලෙස පෙන්වාදිය හැකියි. එමෙන්ම අපගේ නොසැලෙන කැපවීමත් උසස් තත්ත්වයේ ප්‍රමිතිගත විදුලි උපාංගවල කල්පැවැත්මත් නිසා Polycrome සන්නාමයට වෙළෙඳපොළ ජයගන්නට හැකියාව ලැබී ඇත. සමස්ත ලෝකය හමුවේ අපගේ මේ පුංචි දිවයින ඔසවා තබන්නට හැකි නාමයක් බවට Polycrome නුදුරේදීම පත්වනු ඇති බව අපගේ විශ්වාසය.“ යැයි ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.
මෙම සම්මාන රාත්‍රියේ ආරාධිත දේශනය පැවැත්වූ මූල්‍ය විශේෂඥයෙකු මෙන්ම ආයතනික පුහුණු කරුවකු වන චාමින්ද කුමාරසිරි මහතා අදහස් දක්වමින් කියා සිටියේ “ මෙම අද්විතීය 45 වසර පුරාවට ගුණාත්මක වටිනාකමක් ලබාදෙමින් විදුලි උපාංග නිෂ්පාදනය කරමින් එය අඛණ්ඩව පවත්වාගෙන යෑම Polycrome සන්නාමයේ ජීවගුණය බවත්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ අපනයන සන්නාමයක් බවට පත්වීමේ සහ ගෝලීය වේදිකාව තුළ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරමින් ජාතියේ විශිෂ්ටත්වය හා නවෝත්පාදනයේ විවිධ ඉසව් ස්පර්ශ කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කරන සුවිශේෂී සන්නාමයක් ලෙස Polycrome ඉදිරියෙන්ම සිටින බවයි.“ කුමාරසිරි මහතා අවසන් වශයෙන් අදහස් දක්වමින් කියා සිටියේ Polycrome අඛණ්ඩ වර්ධනය මෙන්ම ගෝලීය වෙළඳපොළ අතික්‍රමණය කිරීමට අවැසි ශක්තිය ලැබීමට සුභාශිංසන පල කරන බවයි.
ආරම්භයේ සිටම Polycrome මෙරට කර්මාන්ත හා ගෘහස්ථ විදුලි උපාංග නිමැවුම් අංශයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් පුරෝගාමී නිමැයුම් කරුවෙක් ලෙස සාම්ප්‍රදායික දැව නිෂ්පාදනයක් ලෙස පැවති ස්විච හා සොකට් සවි කිරීමේ දැව ආවරණය වෙනුවට ප්ලාස්ටික් ආවරණයත්, MCB ආවරණ පද්ධතියත් හදුන්වා දෙමින් විප්ලවීය වෙනසක් සිදුකළේය. එමෙන්ම කේබල් කළමනාකරණ පද්ධතිය හා සිවිලින් හරහා සවිකරන ආවරණ හදුන්වා දෙමින් Polycrome මෙරට විදුලි උපාංග හා ආම්පන්න නිපැයුම් කේෂ්ත්‍රය නව මානයකට රැගෙන ගියේය.
Polycrome හි 45 වසරක ගමන් මගේ සුවිශේෂී ප්‍රමිති සහතික රැසක් දිනාගෙන ඇත. එහිදී ගුණාත්මක හා නවෝත්පාදනය සම්බන්ධයෙන් ඉහළම ප්‍රමිතීන් පවත්වාගනිමින් ISO 9001-2015 තත්ත්ව සහතිකයද SLS සහතික සහ CNCI ( ශ්‍රී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය) ප්‍රමිති සම්මානය වැනි සුවිශේෂී ප්‍රමිතීන් හරහා Polycrome නිෂ්පාදන පිළිගැනීමට ලක්ව ඇත.
2025 ජූනි 20, ප.ව. 1:06
2025 ජූනි 20, ප.ව. 1:01
2025 ජූනි 19, ප.ව. 3:53
2025 ජූනි 19, ප.ව. 1:20
2025 ජූනි 19, ප.ව. 12:26