2023 මැයි 30, පෙ.ව. 11:42
රජරට ඇතුළු පොළොන්නරුව මහවැලි බී හා සී කලාපවල වැව් හා මුහුදු මාළු මිල ශීඝ්‍රයෙන් වැඩිවී ඇති බව පාරිභෝගිකයෝ පවසනවා.
මීට දින කිහිපයකට පෙර රුපියල් 1,200ක්ව පැවැති බල මාළු කිලෝ එක මේ වනවිට රුපියල් 2,500 දක්වා ඉහළ ගොස් ඇති අතර වැව් මාළු කිලෝවක මිලද රුපියල් 750 සිට රුපියල් 1,000 දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ සඳහන් කරනවා.
මුහුදු මාළු හා වැව් මාළු සිල්ලර වෙළෙදුන් පවසන්නේ අධික වියළි කාලගුණික තත්ත්වයත් සමඟ මසුන් ඇල්ලීමට යන ධීවරයන්ගේ අඩු ප්‍රවණතාවක් පවතින බවත් මාළු දැල්වලට අසුවන ප්‍රමාණය අඩු වී ඇති බවයි.
මෙම තත්ත්වය මත වැව් සහ මුහුදු මාළුවල හිඟයක් පවතින බවත්, ඒ අනුව වෙළෙඳපොළට එන මාළු කිලෝවක මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් වැව් හා මුහුදු මාළු සිල්ලර වෙළෙන්දෝ සඳහන් කරනවා.
මීට සාපේක්ෂව මාළු, බිත්තර, වැව් මාළු ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ආහාරවල මිලද අඩුවක් නොපවතින අතර ඉන්ධන මිලේ සහනාධාරය තමන්ට නොලැබෙන බවට පාරිභෝගිකයෝ මැසිවිලි නඟනවා.
මාළු ඇල්ලීමට යොදා ගන්නා දැල්වල මිල ඉහළ යෑමත් එමෙන්ම එන්ජින් බෝට්ටු ඇතුළු මාළු අල්ලන දැල් සහ ඒවාට යන එන ගමන් වියදම් ශීඝ්‍රයෙන් ඉහළ යෑම සහ මේ දිනවල පවතින අධික වූ උෂ්ණත්වය හේතුවෙන් වැව්වලට සහ මුහුදේ යන ධීවරයන්ගේ අඩුවීමත්, හසුවන මාළු ප්‍රමාණය අඩුවීමත්, මෙලෙස මාළු මිල ඉහළට යෑමට ප්‍රධාන හේතුවක් බවද තොග හා සිල්ලර ධීවර ප්‍රජා ප්‍රජාව සඳහන් කරනවා.