hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 19, ප.ව. 7:17



මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සහ මධ්‍යසාර බලපත්‍රලාභීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද (19) මුදල් අමාත්‍යාංශයේ පැවැත්වුණා.

මෙහි දී ශ්‍රී ලංකාවේ රා නිෂ්පාදනය සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දෛනික රා අවශ්‍යතාව ලීටර් 160,000ක් පමණ වුව ද දෛනික රා නිෂ්පාදනය දැක්වෙන්නේ ලීටර්  45,000ක් ලෙස යි.

එබැවින් මෙම හිඟ රා ප්‍රමාණය සැපයීම සඳහා ඇතැම් පුද්ගලයන් විවිධ නීති විරෝධී සහ සෞඛ්‍ය සම්පන්න නොවන ක්‍රමවේද භාවිතා කරන බවයි එහි දී අනාවරණ වූයේ.

එබැවින් රාවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළා.