2023 මැයි 18, ප.ව. 4:20
මෙරට වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන් පිරික්සීමේ දී අද (18) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300 මට්ටමින් පහළට පැමිණ තිබෙනු දැකගත හැකියි.
ඒ අනුව අද(18) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 299.21 ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 312.37 ක් ලෙස සටහන් විය.
අද පෙරවරු 10 පමණ වන විට වානිජ බැංකු කිහිපයක යාවත්කාලීන දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින් දැක්වෙයි.
ලංකා බැංකුව – රු.298.00 – රු. 312.00
මහජන බැංකුව – රු. 298.53 – රු. 311.96
සම්පත් බැංකුව – රු. 300.00 – රු. 312.00
HNB – රු. 300.00 – රු. 312.00
DFCC – රු.298.00 – රු. 314.00
NDB – රු. 301.00 – රු. 311.00
2026 අප්‍රේල් 10, ප.ව. 2:11
2026 අප්‍රේල් 10, ප.ව. 12:29
2026 අප්‍රේල් 09, පෙ.ව. 9:11
2026 අප්‍රේල් 08, ප.ව. 1:00
2026 අප්‍රේල් 08, පෙ.ව. 9:30