hit counter

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 17, ප.ව. 2:53



සතොස වසා දමා එහි දේපළ හා වත්කම් ලංකා සතොසට පැවරීමට සූදානමක් ඇති බව වාර්තා වනවා.

මේ ගැන අවධානය යොමු කර ඇත්තේ වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම සතොස ආයතන පාඩු ලැබීම හේතුවෙන්.

ආයතනය ඈවර කරන්නේද නැද්ද යන්න පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙනවා.

ආයතනය ඈවර කළහොත් එහි සේවකයන් සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට කම්කරු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරන බව ද ඇමැතිවරයා කියා සිටියා.

මෙම ආයතනය වසර 20ක පමණ කාලයක් සිට රුපියල් බිලියන ගණනක පාඩුවක් ලබන බවත් ඔහු පෙන්වා දෙනවා.

එනිසා මෙය තවදුරටත් පවත්වාගෙන යාම රජයට කිසිදු ලාබයක් නැති නිසා අවසන් තීරණය මුදල් අමාත්‍යංශය විසින් ලබා ගනු ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කළා.