hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 09, ප.ව. 12:24



සතොස ආයතනයේ අලෙවි කරන ආනයනික සුදු කැකුළු, සුදු නාඩු, රතු පරිප්පු, සුදු සීනි සහ හාල්මැස්සෝ යන ද්‍රව්‍යවල මිල ගණන් අඩු කිරීමට පියවර ගත් බව සතොස සභාපතිවරයා පසඳ යාපා අබේවර්ධන මහතා පවසනවා.

මෙම මිල ගණන් අද (09) සිට අඩු කෙරෙන බවයි සතොස සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

මේ පිළිබඳ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ලංකා සතොස සභාපති,

“අත්‍යවශ්‍ය ආහාර පහක මිල අද සිට අඩු කරනවා. ලංකා සතොස අලෙවිහල් 447 තොග සහිතව සෑම ශාඛාව මෙම භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ලංකා සතොස මිල අඩු කරහම අනිත් තැන් වලත් මිල අඩු වෙනවා. ලංකා සතොස ලාභය බෙදා දීමයි සිදු කරන්නේ. ජාතියේ මිල තීරකයා බවට පත්වෙලා තියෙනවා. සතොස ගැන ගොඩක් චෝදනා තියනවා බඩු නැහැයි කියලා. සේවකයන්ගෙ අඩුපාඩු කියනවා. හොඳට ලාභ ලබපු ආයතනයක්. සතොස ගැන වැරදි පුවත් දාන්න කලින් අපෙනුත් අහලා බලන්න. සමහර පත්තර වල සතොස ගැන බොරු ප්‍රචාර කරලා තිබුණා. එහෙම කරන්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා.”