hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 03, ප.ව. 3:05



ලංකා සතොස ආයතනය විසින් භාණ්ඩ වර්ග පහක මිල පහත දමා තිබෙනවා.

ඒ අනුව සුදු සීනි,පාන් පිටි, හාල්මැස්සන්, ටින් මාළු සහ රතු පරිප්පු වල මිල මෙලෙස පහත දමා තිබෙනවා.

සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 22කින් පහත දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 238ක් ලෙසයි.

පාන් පිටි කිලෝවක නව මිල රුපියල් 279ක් වන අතර එය රුපියල් 96කින් අඩුකර තිබෙනවා.

දේශීය සැමන් ටින් එකක මිල රුපියල් 105කින් අඩුකර ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 585ක් ලෙසයි.

හාල් මැස්සන් කිලෝවක නව මිල රුපියල් 1300ක් වන අතර එය රුපියල් 200 කින් අඩු කර තිබෙනවා.

රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 398ක් වන අතර එය රුපියල් 17 කින් අඩු කර තිබෙනවා.