hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 23, ප.ව. 6:58



ලංකා සතොස විසින් තවත් භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා.

ඒ අනුව ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 43කින් පහත දමා ඇති අතර කිලෝවක නව මිල දැක්වෙන්නේ රුපියල් 255ක් ලෙසටයි.

සුදු සීනි කිලෝවක් රුපියල් 09කින් පහත දමා ඇති අතර, එහි නව මිල රුපියල් 229ක්.

පාන්පිටි කිලෝවක් රුපියල් 14කින් පහත දමා ඇති අතර එහි නව මිල 265ක් වන අතර, සුදු ලූණු කිලෝවක් රුපියල් 30කින් පහත දමා තිබෙනවා.

එහි නව මිල රුපියල් 525ක් බවයි ලංකා සතොස ප්‍රකාශ කළේ.