hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 18, ප.ව. 3:50



නත්තල් උත්සව සමයේදී සිය SDB ලක්දරු ළමා ඉතුරුම් සේවය ප්‍රවර්ධනය කිරීම සඳහා SDB බැංකුව විසින් නව වීඩියෝ පටයක් ඔවුන්ගේ සමාජ මාධ්‍යයන් හරහා මෑතකදී එළිදක්වන ලදි. “කෝ මගේ නත්තල් තෑග්ග“ ලෙස නම් කර ඇති මෙම ප්‍රචාරණ ව්‍යාපෘතියේ අරමුණ වන්නේ දීර්ඝ කාලයක් භාවිතා කළ නොහැකි සෙල්ලම් බඩු වෙනුවෙන් වැය කරන මුදල් දීර්ඝකාලීන ප්‍රයෝජනයක් ඇති ලෙස ඉතිරි කිරීමට යොමු කරවීමයි.

ප්‍රීතිමත් සහ විනෝදකාමී කාල සීමාවක් වන නත්තල් සැමරුම් කාල සීමාවේදී බොහෝ දෙමව්පියෝ සිය දරුවන්ට අධ්‍යාපනික වටිනාකමකින් හෝ දිගුකාලීන ප්‍රයෝජනවත් බවකින් තොර සෙල්ලම් බඩු ත්‍යාග ලෙස ලබා දීමට පෙළඹෙති. ඒ නිසා දෙමව්පියන් තුළ දරුවන් කෙරෙහි වන ආදරය සහ සැළකිල්ල ඵලදායී ආකාරයෙන් පෙන්වීමට වඩාත් හොඳ අවස්ථාවක් ලෙස SDB බැංකුව විසින් මෙම උත්සව කාල සීමාව හඳුනාගෙන ඇත.

ඉහළ පොලී අනුපාතයක් ලබා දෙමින් දරුවන්ට ලඟා කර දෙන අධ්‍යාපනික සහ සෞඛ්‍යමය ප්‍රතිලාභ ඔස්සේ ඔවුන්ගේ සතුට ආරක්ෂා කිරීමට කටයුතු කරන SDB ලක්දරු ඉතුරුම් ගිණුම ඔබේ දරුවාට සෑම අවස්ථාවකම වඩාත්ම වටිනා දේ ලබා දීමට කටයුතු කරයි. ඒ මගින් කුඩා වියේ පටන්ම දරුවාගේ ඉතිරි කිරීමේ පුරුද්ද ඇතුළු මූල්‍ය කළමනාකරණ කුසලතා සංවර්ධනය කිරීම සඳහා දායක විය හැකි අතර තෑගි, වවුචර්, රක්ෂණ, ශිෂ්‍යත්ව ආදී ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් ද දරුවාට භුක්ති විඳීමට හැකි වනු ඇත. මූල්‍ය වෙළෙඳපොල තුළ ආකර්ෂණීයම පොලියක් පිරිනමන SDB ලක්දරු ඉතුරුම් ගිණුම දරුවාගේ අනාගතය වෙනුවෙන් හොඳම තේරීමක් වන අතර ඉතුරුම් ශේෂය මත පිරිනැමෙන තෑගි සහ වවුචර් නිසා ඉතිරි කිරීම සඳහා දරුවා තුළ උත්තේජනයක් ද ඇති වේ.

තවද ගිණුමේ ශේෂය මත පදනම්ව වසරක කාලයක් සඳහා දරුවාට සෞඛ්‍ය රක්ෂණයක් ද මේ හරහා ලබා දෙන අතර ඕනෑම හදිසි වෛද්‍ය කටයුත්තකදී මූල්‍ය සුරක්ෂිතතාව තහවුරු වී ඇති නිසා දෙමව්පියන්ට මානසික නිදහස ද නිරායාසයෙන්ම හිමි වනු ඇත. එසේම 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් වන දරුවන්ට ගිණුමේ ශේෂය මත පදනම්ව ඉහළ ප්‍රතිලාභ සහ ආකර්ෂණීය ත්‍යාග ලබා දෙන ත්‍යාග යෝජනා ක්‍රමයක් ද ක්‍රියාත්මක වේ. මේ සියල්ල අනුව පැහැදිලි වන්නේ SDB ලක්දරු ඉතුරුම් ගිණුම සාමාන්‍ය බැංකු ගිණුමක සීමාවෙන් ඔබ්බට ගොස් නිසැක වශයෙන්ම ඔබේ දරුවාගේ දියුණුවේ සහ සාර්ථකත්වයේ හවුල්කරුවෙකු වනු ඇති බවයි.

SDB බැංකුවේ අලෙවි ප්‍රධානී හසිත සමරසිංහ මහතා පෙන්වා දුන්නේ දෙමව්පියන් ඇතුළු සමස්ත සමාජයට දරුවන් සම්බන්ධයෙන් ප්‍රබල පණිවුඩයක් ලබා දීමේ අරමුණෙන් මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය සැලසුම් කළ බවයි. “SDB ලක්දරු ළමා ඉතුරුම් ගිණුමක් විවෘත කරමින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමට දෙමව්පියන් තුළ උත්තේජනයක් ඇති කිරීමට අපට අවශ්‍යයි. ඒ ඔස්සේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමටත් වඩාත් දීප්තිමත් කිරීමටත් හැකි බව අපට විශ්වාසයි. දරුවන්ගේ ජීවිතවලට කිසිඳු වටිනාකමක් එකතු නොකරන අනවශ්‍ය වියදම්වලින් වැළකීමේ පණිවුඩය දෙමව්පියන් සමඟ බෙදා ගැනීමටත් ඒ අනුව කටයුතු කිරීමට ඔවුන් තුළ පෙළඹවීමක් ඇති කිරීමටත් අපි මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය ඔස්සේ බලාපොරොත්තු වෙනවා.“ යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය Facebook, YouTube, Instagram ඇතුළු තෝරා ගත් ඩිජිටල් මාධ්‍ය සහ නාලිකා ඔස්සේ දෙසැම්බර් මස අග දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. SDB බැංකුවේ ගනුදෙනුකරුවන් සහ ගනුදෙනුකරුවන් වීමට කැමැත්ත ඇති කණ්ඩායම් SDB ලක්දරු ළමා ඉතුරුම් ගිණුමේ ප්‍රතිලාභ පිළිබඳව දැනුම්වත් කරමින් බැංකුව සහ ගනුදෙනුකරුවන් අතර වන අන්තර් ක්‍රියාකාරකම් වඩාත් ශක්තිමත් කිරීම මෙහිදී සිදු වේ.

SDB බැංකුව පිළිබඳව

26 වසරකට වැඩි කාලයක් ශ්‍රී ලාංකික ජනතාවට සේවය කරන SDB බැංකුව මේ ගෙවෙන සමය රට මුහුණදී ඇති ආර්ථික අභියෝග හමුවේ ඉතිරි කිරීමේ වැදගත්කම පිළිබඳව සිය ගනුදෙනුකරුවන්ට සහ පොදු ජනතාවට සිහි ගැන්විය යුතු තීරණාත්මකම සමයක් බව විශ්වාස කරයි. එසේම පුළුල් පරාසයක විහිදුනු නවීන මූල්‍ය නිෂ්පාදන හා මූල්‍ය සේවාවන් පුද්ගල මට්ටමෙන් මෙන්ම ව්‍යාපාරික මට්ටමෙන් ද ලබා දීම ඔස්සේ මූල්‍ය තිරසාරත්වය සහ සමාජ වගකීම සම්බන්ධයෙන් SDB බැංකුව දක්වන කැපවීම ද තහවුරු වේ.