hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 23, ප.ව. 3:22



ලබන වසරේ දී ශ්‍රී ලාංකික හෙදියන් 4,000ක් සිංගප්පූරුවේ රැකියා සඳහා බඳවා ගැනීමට සූදානම් වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ශ්‍රී ලාංකිකයන්ට වසර විස්සකට පසුව මෙලෙස සිංගප්පූරු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා හිමිවෙයි.

මෙහි මූලික කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් 10 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.