hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 01, පෙ.ව. 11:15



සුරා අපරාධ දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

1913 දුරකථන අංකය ඔස්සේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන මෙම විශේෂ දුරකථන සේවාව දවසේ ඕනෑම වේලාවක ඕනෑම අයෙකුට සිය පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ ස්ථාපිත කර ඇති මෙම දුරකතන මධ්‍යස්ථානය රාජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබුණා.

දිවයිනේ ඕනෑම ස්ථානයකින් ලැබෙන ඕනෑම පැමිණිල්ලකට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට වෙනම නිළධාරීන් පිරිසක් පුහුණු කර 24 පැයේ සේවාවට යොදවා තිබෙනවා.

මෙතුළින් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සුරා අපරාධයක් සම්බන්ධයෙන් මෙම දුරකථන අංකයට දැනුම් දුන් සැනින්  අදාළ පැමිණිල්ල පිළිබඳ විමර්ශනය කර  අදාළ ප්‍රදේශයේ ළඟම ඇති දිස්ත්‍රික් කාර්යාල වෙත ලබා දෙන අතර පැමිණිල්ල ලබා දුන් පාර්ශ්වයට මෙම පැමිණිල්ල පිළිබඳ ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුම් දීමක් සිදු කෙරෙනවා.

මෙතුළින් සමාජය තුළ ඇති වන සුරා අපරාධ රැල්ල මැඩපැවැත්වීම මෙහි අරමුණයි.