2022 මැයි 24, පෙ.ව. 9:45
ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් අවශ්‍ය සාකච්ජා සිදුකිරීම සඳහා ලොව සුප්‍රසිද්ධ මුල්‍ය සහ නීති උපදේශන සමාගම් වන Lazard සහ Clifford Chance සේවය ලබා ගැනීමට තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
මෑත වසරවල අර්බුදකාරී ආර්ථික කඩා වැටීම වලට මුහුණ දුන් ලොව රටවල් රැසක සඳහා ණය සාකච්ඡා හසුරුවා ඇති Lazard සමාගම මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුනොකළ බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේ.
නීති සමාගමක් වන ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන්.
1948 වසරින් පසුව මුහුණ දෙන බරපතලම ආර්ථික අර්බුදයට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව ඉකුත් සතියේ පළමු වරට ණය වාරික ගෙවීම් පැහැර හැරීමක් සිදුකරනු ලැබුවා.
ඩොලර් බිලියන 12 කට අධික විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය බැවින් විශේෂඥ සහය සහ ඊට අදාළ මැදිහත් පාර්ශ්වකරුවන් පත් කිරිමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 3:48
2024 දෙසැම්බර් 20, ප.ව. 3:38
2024 දෙසැම්බර් 19, ප.ව. 4:13
2024 දෙසැම්බර් 19, ප.ව. 3:42
2024 දෙසැම්බර් 19, ප.ව. 3:36