hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 මාර්තු 01, ප.ව. 2:36



සිය ආදායම් නොපෙන්වා බදු ගෙවීම පැහැර හැර ඇති ඇතැම් වෘත්තීන්වල නිරත පිරිස් හඳුනා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය ආදායම පිළිබඳ දැඩි අවධානයක් යොමුව ඇති වර්තමානයේ දී බදු පැනවීම මගින් ආදායම් රැස් කිරීම හා සමාන බදු පැහැර හරින පිරිස් හඳුනා ගැනීම සම්බන්ධයෙන් ද යොමු කළ යුතු බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් සමග අද (01) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

බදු ආදායම් රැස් කර ගැනීම සම්බන්ධ මතුව ඇති ගැටලු මෙහි දී සාකච්ඡා කර තිබුණා.

විශේෂයෙන් ම රැමිස් පද්ධතිය, නිලධාරීන්ගේ පුරප්පාඩු පිරවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අමාත්‍ය සියඹලාපිටිය මහතා අදාළ පිරිස් සම්බන්ධයෙන් කටයුතු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මට්ටමින් කඩිනම් ක්‍රියාමාර්ග ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස උපදෙස් ලබා දුන්නා.