hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2023 දෙසැම්‍බර් 29, ප.ව. 4:03



18%ක වැට් බද්ද පැනවීමෙන් පසු පෙට්‍රල් මිල ඉහළ ගියහොත් ලබන මස ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ලලිත් ධර්මසේකර අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ජනවාරියේ සිට වැඩිවන ඉන්ධන මිලට අනුව පළමු කිලෝමීටරයට ගාස්තු වැඩි කරන බවයි.

පසුගිය අවස්ථාවලදී රජය පෙට්‍රල් මිල වැඩි කළ අවස්ථා වලදී ගාස්තු සංශෝධනයක් කිරීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් නමුත් වැට් බදු ගැලපීම සමඟ ගාස්තු වැඩි කිරීමක් සඳහා යොමු වන බව ද ඔහු වැඩි දුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: