2025 දෙසැම්‍බර් 31, ප.ව. 3:27
මෙරට ප්‍රධානතම නිර්මාණාත්මක වෙළඳ දැන්වීම්කරණ ආයතනයක් වන TBWA\Sri Lanka විසින් පසුගියදා පැවති ආසියානු කලාපයේ දැවැන්තම සම්මාන ප්‍රදානෝත්සවයක් වන කැම්පේන් ඒෂියා පැසිෆික් (Campaign Asia-Pacific Awards) හිදී “වසරේ හොඳම නිර්මාණාත්මක සන්නිවේදන දැන්වීම්කරණ ආයතනය – රජත සම්මානය” දිනා ගැනීමට සමත් විය. Campaign Asia-Pacific සම්මාන ප්‍රදානෝත්සවය වෙළඳ දැන්වීම්කරණ සහ අලෙවි සන්නිවේදන ක්ෂේත්‍රයන්හි නියැලෙන ආයතනවල විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන ආසියානු කලාපයේ ප්‍රමුඛතම සම්මාන ප්‍රදානෝත්සවය වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතමයින් අතරට එක් වීම TBWA\Sri Lanka ආයතනය විසින් ක්ෂේත්‍රය තුළ අත්පත් කරගෙන ඇති දැවැන්ත සාර්ථකත්වය මනාව පෙන්වා දෙන්නකි.
මෙම සම්මානය සඳහා සලකා බැලීමේදී දැන්වීම්කරණ ආයතන විසින් අංශ ගණනාවක දක්වා ඇති සාර්ථකත්වය සලකා බලන අතර, ඊට දැන්වීම්කරණයේ නිර්මාණාත්මක බව, නව්‍යකරණය, ව්‍යාපාර සාර්ථකත්වය, සේවාලාභියාගේ ව්‍යාපාර සාර්ථකත්වය, ආයතනික සංස්කෘතිය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ සමස්ත ක්ෂේත්‍රයේ සාර්ථකත්වයට ලබා දී ඇති දායකත්වය වැනි අංශයන් අයත් වේ.
“නිර්මාණාත්මක සන්නිවේදනය සම්බන්ධයෙන් අපේ දැක්ම Disruption® යන තනි වචනයෙන් ප්‍රකාශ කරන්න පු`ඵවන්, සරල නමුත් ගැඹුරු සංකල්පයක්. සම්ප්‍රදායික අවබෝධයන්ට අභියෝග කරමින් පැරණි අදහස් අලුත් ඇසකින් දකිමින්, අපි සේවය සපයන සන්නාමවලට නව දැක්මක් සහ අරමුණක් ලබා දීම අපේ ක්‍රමයයි. අපේ නිර්මාණාත්මක දැන්වීම්කරණය සුවිශේෂී වන්නේ නිර්මාණශීලීත්වය නිසා පමණක් නෙවෙයි. සාර්ථක ව්‍යපාර ප්‍රථිඵල ලබා දීමත් ඊට හේතුවක්. මෙම සම්මානය අපේ ප්‍රවේශය හරහා ක්ෂේත්‍රය තුළ අපි අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය පැහැදිලිව තහවුරු කරන සම්මානයක්. මේ අවස්ථාවේදී මම මෙම සාර්ථකත්වය අත්පත් කර ගැනීම සඳහා කැපවීමෙන්, නොසැලෙන ධෛර්යයෙන් සහ දැවැන්ත උද්යෝගයකින් කටයුතු කළ TBWA\Sri Lanka කණ්ඩායමට මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් TBWA\Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂිකා රේණුකා මාර්ෂල් මහත්මිය පැවසීය.
“TBWA\Sri Lanka ආයතනය ජාත්‍යන්තර වෙළඳ දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතන ජාලයක් වන TBWA Worldwide හි සාමාජිකයෙක්. TBWA Worldwide වෙතින් අපට ලැබෙන දැවැන්ත නිර්මාණාත්මක ආභාෂය සහ දැනුම ශ්‍රී ලාංකීය වෙළඳ දැන්වීම්කරණ ක්ෂේත්‍රය තුළ අපි ලබා ගෙන ඇති සාර්ථකත්වයට මූලික හේතුවක්. මෙම සම්මානය එම ජාත්‍යන්තර මට්ටමේ දැනුම, නිර්මාණාත්මක චින්තනය සහ උපාය මාර්ගික හැකියාවන් යොදා ගෙන දේශීය දැන්වීම්කරණ ක්ෂේත්‍රය තුළ අපි අත්පත් කරගත් ජයග්‍රහණයන්ට ලැබෙන ජාත්‍යන්තර පිළිගැනීමක්. ශ්‍රී ලංකාවේ දැන්වීම්කරණ ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට උසස් කිරීමට අපට හැකිව තිබෙන බව මෙම සම්මානයෙන් තහවුරු වෙනවා.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ඔඊඋ්ඳාීරස ඛ්බන් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අහමඩ් ටී. හසන් මහතා පැවසීය.
“TBWA\Sri Lanka ආයතනය ජාත්‍යන්තර වෙළඳ දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතන ජාලයක් වන TBWA Worldwide හි සාමාජිකයෙක්. TBWA Worldwide වෙතින් අපට ලැබෙන දැවැන්ත නිර්මාණාත්මක ආභාෂය සහ දැනුම ශ්‍රී ලාංකීය වෙළඳ දැන්වීම්කරණ ක්ෂේත්‍රය තුළ අපි ලබා ගෙන ඇති සාර්ථකත්වයට මූලික හේතුවක්. මෙම සම්මානය එම ජාත්‍යන්තර මට්ටමේ දැනුම, නිර්මාණාත්මක චින්තනය සහ උපාය මාර්ගික හැකියාවන් යොදා ගෙන දේශීය දැන්වීම්කරණ ක්ෂේත්‍රය තුළ අපි අත්පත් කරගත් ජයග්‍රහණයන්ට ලැබෙන ජාත්‍යන්තර පිළිගැනීමක්. ශ්‍රී ලංකාවේ දැන්වීම්කරණ ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට උසස් කිරීමට අපට හැකිව තිබෙන බව මෙම සම්මානයෙන් තහවුරු වෙනවා.” යැයි මේ පිළිබ`ඳව අදහස් දක්වමින් TBWA\Sri Lanka ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අහමඩ් ටී. හසන් මහතා පැවසීය.
TBWA Worldwide ජාත්‍යන්තර සමූහය ගෝලීය වෙළඳ දැන්වීම්කරණ ක්ෂේත්‍රයට Disruption® යන සංකල්පය යටතේ දැන්වීම්කරණය විප්ලවයට ලක් කළ නිර්මාණාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දුන්, නිර්මාණාත්මක හැකියාව අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින දැන්වීම්කරණ ආයතන ජාලයකි. TBWA Worldwide ජාලය ලෝකයේ විශාලතම අලෙවිකරණ සන්නිවේදන සමාගම් සමූහයක් වන Omnicom සමූහයට අයත්ය. ලෝකය පුරාම විහිදුණු ආයතන ජාලයක් වශයෙන් TBWA Worldwide නිර්මාණාත්මක සාමූහිකයට විවිධ රටවල, විවිධ සංස්කෘතීන්ට අයත් ආයතන සහ නිර්මාණකරණ විශේෂඥයින් දහස් ගණනක් අයත් වන අතර TBWA Worldwide සාමූහිකය ලෝකයේ විවිධ තැන්වලින් එලෙස එකතු වන දැනුම හා අත්දැකීම් බෙදා හරින ජාලයක් වීම ඊට අයත් සිය`ඵම ආයතන වල සාර්ථකත්වය තහවුරු කිරීමට හේතු සාධක වී ඇත.
TBWA\Sri Lanka ආයතනය දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්ෂේත්‍රයන් ගණනාවකට අයත් දේශීය සහ ජාත්‍යන්තර සන්නාම විශාල සංඛ්‍යාවකට නිර්මාණාත්මක දැන්වීම්කරණ සේවය සපයන දැන්වීම්කරණ ආයතනයකි. Disruption® සංකල්පය යටතේ TBWA\Sri Lanka විසින් මෙරට වඩාත්ම කතාබහට ලක් වූ ප්‍රචාරණ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ වෙනුවෙන් අවස්ථා ගණනාවකදී ඉහළම ජාත්‍යන්තර සම්මානවලින් ඇගයීමට ලක් වී ඇත. ඒ අතරින් 2021 වසරේදී ශ්‍රී ලංකාවේ හොඳම දැන්වීම්කරණ ආයතනය වශයෙන් සම්මානයට පාත්‍ර වීම සුවිශේෂී අවස්ථාවක් ලෙසින් දැක්විය හැකිය. මෙම සාර්ථක ගමන් මගේ තවත් එක් විශේෂ සන්ධිස්ථානයක් වශයෙන් 2025 වසරේ හොඳම නිර්මාණාත්මක ආයතනය වශයෙන් රජත සම්මානය ලැබීම සනිටුහන් කළ හැකි අතර ඉදිරියටත් මෙරට දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට උර දෙමින් සිය සාර්ථකත්වය අඛණ්ඩවම පවත්වා ගෙන යාමට TBWA\Sri Lanka ආයතනය අපේක්ෂා කරයි.
2025 දෙසැම්‍බර් 31, ප.ව. 3:42
2025 දෙසැම්‍බර් 29, ප.ව. 1:26
2025 දෙසැම්‍බර් 29, ප.ව. 1:17
2025 දෙසැම්‍බර් 27, ප.ව. 5:00
2025 දෙසැම්‍බර් 26, ප.ව. 3:26